leader s

ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රයේ 'ගිත කෝකිලාවිය' ලෙස විරුදාවලිය ලත් විශිෂ්ට ගායනවේදිනී ලතා වල්පොල මහත්මියගේ

සුවදුක් විමසා බැලීම සඳහා පසුගිය දිනෙක අමාත්‍ය, අචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ගොස් තිබුණා.

මේ අවස්ථාව ගායනවේදිනියගේ අතීත මතකයන් පිළිබඳව ද කතා බස් කළ ඇගේ පවුලේ අයත් එක්වූ සොදුරු මොහොතක් බවට පත් වී තිබුණා.

මෙහිදී ලතා වල්පොළ මහත්මිය සමග ගීත ගායනයකටද අමාත්‍යවරයා එක්ව සිටියේය.

මේ අපූර්ව මොහොත ගැන අචාර්ය සුනිල් සෙනෙවි විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා හෘදයාංගම සටහනක් ද එක් කොට තිබුණා. ඒ ඡායාරූප කිහිපයක් ද සමගින්.

මතු දැක්වෙන්නේ එම සටහනයි.

"ලතා වල්පොල: භාග්‍යවත් කෝකිලාව....

දින කීපයකට උඩ දී මා ලදුයේ විරල අමිල භාග්‍යයකි. ඒ අපේ ගීත කෝකිලාව වන මහා ගායිකා ලතා වල්පොල මැතිනියගේ සුවදුක් බලා සාද කතාවකට ලැබුණු මිහිරි දෙහෝරාව යි. එය නම් දිවි ඇති තුරා නොමැකෙන මිහිරකි.

ඈ දරා සිටින්නේ විසල් ඉතිහාසයකි. සමහර දේ ගැන ඈ ලියන්නට පටන් ගෙන. පැරණි මතක නොවරදවා කී හැටි පුදුමයට කරුණක් . අඛණ්ඩ ව ගී පටිගත කිරීමට ඉංදියාවට ගිය හැටි... චිත්‍රපට 500 ට වැඩියි නොවැ... මිස්ටර් නායගම් අපිට එහේ ගෙයක් ගත්තා... මුලින් ගියේ රීටා ජෙනිවිව් ප්‍රනාන්දු. නැගී ආවේ ලතා වල්පොල.

ඇගේ ගීතාවලිය ගණන් බලා නැත. සීනු කටහඬ . මේ අතිවිරල විශිෂ්ට කටහඬ සිරිලක ජාතික සම්පත් ලෙස නම් කළ නොහැකි ද... අමරදේව...නන්දා..සුජාතා...වික්ටර්... අපි පූජාභූමි ගැසට් කරනවා. මේ මිනිස් විශිෂ්ටත්වයට ගරු කරන්න විධිමත් ක්‍රමයක් සොයන්න ඕනෙ.

ඈ සතුටින්. වෙහෙස ගාණක් ම නෑ. මහින්ද අයියා.. ධම්මි අක්කා... මට එහි යන අවස්ථාව උදා කළ අපේ මංජරී හා අංජලී.. ආදරෙයි හැමට.

මට ලොකු පවුලක්නෙ ඉන්නෙ. ලතාට.. ආශාටවත් නෑ. මුණුබුරන් එක්කත් සිංදු කියනවනෙ මං. ඉතිං මදි ද...

ඇත්තම යි ඈ සතුටින්. රැජිනියනි...දීර්ඝායු වේවා."

(mirrorarts)

dftw34523

 


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්