leader s

නාට්‍යවේදී ධනංජය කරුණාරත්නගේ "මැරයෙක් ඇවිත්, ඩබල්ගේම්කාරයෝ, බුද්ධිකයාගේ ජීවිතය පර්යේෂණාත්මක නාට්‍ය ත්‍රිත්වය" ග්‍රන්ථය ඇසුරින් රංග කලාව පිළිබඳ කතාබහක්, 2025 ඔක්තෝබර් 23 වැනිදා, සවස 3ට, කොළඹ 07, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත යි.


එදින "දේශපාලනය විසින් කලාව යටපත් කිරීම පිළිබඳ විවේචනයක්" යන මැයෙන් දෙසුමක් රංග මනුප්‍රිය විසින් ද "නැවත ධනංජය කරුණාරත්න වැනි නාට්‍ය කරුවන් බිහි නොවන්නේ මන්ද? අන්තර්ග්තයට වඩා ආකෘතියේ බලය ගැන අදහසක්" යන මැයෙන් දෙසුමක් දීප්ති කුමාර ගුණරත්න ද සිදු කිරීමට නියමිතය.

වැඩසටහන මෙහෙයවීම තිලක් නන්දන හෙට්ටිආරච්චි විසිනි.

 


මෙම නාට්‍ය ග්‍රන්ථය මුල් කරගත්, ඊට පමණක් සීමා නොවුණු ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවට අදාලව එක්තරා සමාජ දේශපාලන විවරණයක් මෙම කතිකාව තුළින් ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් ධනංජය කරුණාරත්න සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, නාට්‍ය වලින් කොටස් කියවීමක් ද එම චරිත රඟපෑ මුල් නළුවන් විසින්ම සිදු කරනු ඇත.

මැරයෙක් ඇවිත්: ප්‍රසාද් සූරියාරච්චි
ඩබල්ගේම්කාරයෝ: කලන ගුණසේකර
බුද්ධිකයාගේ ජීවිතය: බුද්ධික දමයන්ත

එදින ධනංජය කරුණාරත්නගේ සිහින රඟහල ග්‍රන්ථය හා මෙම නාට්‍ය ග්‍රන්ථයද විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමටද හැකිය.

 

c34tyq345bq45y4

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්