අනුර හෑගොඩ විසින් ඉදිරිපත් කරනු ලබන ''සුභාෂිතයෙන් කවියක්'' විඩියෝවෙන් මෙවර සාකච්ඡා කෙරෙන්නේ වියත් සභා මැද වුවමනාවට වඩා කැපී පෙනීමට යත්න දරන පුද්ගලයින් පිළිබඳ කවියකි.
ඔහු මෙවර ඒ සඳහා උපස්තම්භක කරගෙන තිබුණේ අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත සුභාෂිතය නම් කාව්‍ය සංග්‍රහයේ එන ''කලුන් මැද්ද සබ අබතුර බොහොසෙ නිති'' නමැති කවිය යි. එම කවිය අන්තර්ගත වන්නේ සුභාෂිත කාව්‍ය සංග්‍රහයේ 71වන කවිය ලෙස ය.
මතු පළ වන්නේ කිවියර අනුර හෑගොඩ එම කවිය පිළිබඳ දක්වන අදහස් අන්තර්ගත විඩියෝව ය.







