අද (31) බිබිලාදෙනිය සාදුගෙ උපන්දිනේ. මුලින්ම මං බිබිලාදෙනිය හාමුදුරුවන්ගෙ නම සංගීතඥයෙක් විදිහට අහද්දි
ඒ දිහා බැලුවෙ අඩු තක්සේරුවකින්. සිවුරක් එක්ක කොහොමද මියුසික් කරන්නෙ වගේ අදහසකින්.
ඒත් මුලින්ම හාමුදුරුවො එක්ක වැඩක් කරන්න ගත්තම මගේ ඒ අදහස සම්පූර්ණයෙන්ම කණපිට පෙරලුනා. සිවුර කොයිතරම් ලස්සනද මියුසික්වලට කියල හිතුන. ඒ තරම් සංයමයකින්, සෞන්දර්යයකින් බිබිලාදෙනිය හාමුදුරුවො මියුසික් හදනවා. තැඹිලි පාට සිවුරත් එක්ක කොන්සෝල් එක ඉස්සරහ හාමුදුරුවො වැඩ කරද්දි බලන් ඉන්න එකත් වෙනම ආනන්දයක්.
හරිම හැගීම්බර සංගීතයක් හාමුදුරුවන්ගෙන් නිර්මාණය වෙන්නෙ. ඒ උස්පහත් වෙන හැගීම් නදියට එහායින් දැහැන්ගත වෙන නිසලබවකුත් ඒ ඇතුලෙ තියෙනවා. මේ භාවනාත්මක සංගීතය එක්ක හාමුදුරුවො ආධ්‍යාත්මික වැඩ කීපයක්ම කළා.
බෞද්ධ විමුක්ති මාර්ගය ඇතුලෙ සංගීතය වගේ හැගීම්වලට කතා කරන කලාවක් වඩන හාමුදුරුවරු අපිට හිටියෙම නැති තරම්. ඒ හින්දම බිබිලාදෙනිය හාමුදුරුවො කියන්නෙ බෞද්ධ භික්ෂුත්වයේ වෙනස්ම වර්ණයක්. ලෞකිකත්වය තුලම ලෝකෝත්තරත්වය ගැන ගවේෂනයක්.
බිබිලාදෙනියෙ සාදුට මේ සංගීතමය සමාපත්තියෙහි තව බොහෝ කල් නිමග්න වන්නට නීරෝගී බවත්, නිදහසත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
ඔක්තෝම්බර් 31







