leader s

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සාහිත්‍යවේ දී අනුරසිරි හෙට්ටිගේ ඊයේ (09) සවස ඉන්දියාවේ නව දිල්ලි නුවර දී සාර්ක් සාහිත්‍ය සම්මානයෙන් දී පිදුම් ලැබී ය.


රාජ්‍ය හා ජාතික සාහිත්‍ය සම්මානලාභී ප්‍රවීණ සාහිත්‍යවේදී අනුසිරි හෙට්ටිගේ මෙම සම්මානයෙන් පිදුම් ලැබූවේ මේ දිනවල දිල්ලි නුවර පැවැත්වෙන ෆොස්වෝල් සාර්ක් සාහිත්‍ය උලෙළේ දී(Foswal Letarature Festival -SAAC Letarature Fastival) ය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහේෂිනී කොලොන්නේ එම සම්මානය අනුරසිරි හෙට්ටිගේ සාහිත්‍යවේදියාට පිරිනමනැමුවා ය.

 

579024635 10162663817028757 904145660291431850 n

සාර්ක් ලේඛක සහ සාහිත්‍ය පදනම (Foundation of SAARC Writers and Literature) ස‍ංවිධානය කරන මෙම සාහිත්‍ය උලෙළ මෙවර පැවැත්වෙන්නේ 66වැනි වරට යි. පද්ම ශ්‍රී අජීට් කෝර් ගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු සාහිත්‍ය උලෙළ දකුණු ආසියාවේ පැවැත්වෙන පැරණිතම සාර්ක් සාහිත්‍ය උළෙල යි.

මෙවර ද මෙම සාහිත්‍ය උලෙළෙට දකුණු ආසියාව නියෝජනය කරමින් සාහිත්‍යවේදීන්, ලේඛකයින්, මාධ්‍යවේදීන්, විද්‍යාර්ථීන් ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටිති.

සාර්ක් සාහිත්‍ය සම්මාන උලෙළේ මෙවර තේමාව වන්නේ සාමය හා සාහිත්‍ය යි.

 

579854907 10162663816908757 6454069485381811033 n

එම සම්මාන උළෙලේ දී මෙවර සාහිත්‍ය සම්මානය හිමි කරගත් අනුරසිරි හෙට්ටිගේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන 4ක්, ජාතික සම්මාන 11ක් ඇතුළුව දෙස් විදෙස් සම්මාන දිනූවෙකි. සම්මාන උලෙළට ශ්‍රී ලංකාවෙන් ආචාර්ය අමරසිරි වික්‍රමරත්න, ආචාර්ය තමීර මංජු, කථිකාචාර්ය ප්‍රියන්ත බණ්ඩාර, සම්මානිත සාහිත්‍යවේදී මලික් තුසිත, කිවිවර රුවන් වටවල, කිවිවර වෛද්‍ය සිරිල් ප්‍රේමනායක යන අය ද සහභාගී වූහ. ෆොස්වෝල් සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ලෙස ආචාර්ය තමීර මංජු සහ ශ්‍රී ලංකා නිල සහයෝගීතා ආයතනය ලෙස සබුද්ධි සංවිධානය කටයුතු කරයි.

අනුරසිරි හෙට්ටිගේ සාහිත්‍යවේදියාට අපගේ උණුසුම් සුබ පැතුම්...!

(උපුටා ගත්තේ Thameera Manju ගේ Face book පිටුවෙනි)

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්