'අඹ යහළුවෝ' ටෙලි නිර්මාණකරු සුදත් දේවප්‍රිය, යථාර්ථය හා මායා යථාර්ථය මුසු කෙටිකතා නවයකින් සමන්විත සිය ප්‍රථම කෘතිය සහෘද පාඨකයා වෙත තිළිණ කරයි.
ටී. බී. ඉලංගරත්න ගේ යොවුන් නවකතාවක් වන 'අඹ යහළුවෝ' රූපවාහිනී නාට්‍යයක් ලෙස ඉදිරිපත් කළ, දක්ෂ රූපවාහිනී නාට්‍ය සහ සිනමා අධ්‍යක්ෂවරයකු වන සුදත් දේවප්‍රිය ගේ කුලුඳුල් කෙටිකතා සංග්‍රහය මේ වන විට වෙළඳපළෙට නිකුත් කර ඇත.
කෙටිකතා නවයකින් සමන්විත මෙම කෘතියෙහි යථාර්ථවාදී රිතියෙන් මෙන් ම මායා යථාර්ථවාදයට සමීප කතා කිහිපයකින් ද මෙම කෘතිය සමන්විත ය.
''පුතා එනකන්…'' කෘතිය කවිවර ප්‍රකාශනයකි; කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ K - 03, 04 කුටිවලින් මෙම කෘතිය මිලදී ගත හැකි ය.








