ඇදහිලි හා ශාන්තිකර්ම පිළිබඳ මානව විද්‍යාත්මක සහ මනෝ වෛද්‍ය විද්‍යාත්මක නූතන කියවීමක් රැගත් තිලක් සේනාසිංහගේ නවතම ග්‍රන්ථය එළිදැක්වේ.
ගවේෂණාත්මක මාධ්‍යවේදියකු ලෙස ප්‍රකට තිලක් සේනාසිංහ ප්‍රබන්ධ කෘති මෙන් ම සමාජ විමර්ශන පිළිබඳ කෘති කිහිපයක් ම සම්පාදිත ලේකකයෙකි.
ඔහු විසින් සම්පාදිත ''පැරණිමත ගැන අලුත් දැනුමක්'' නමැති නවතම ග්‍රන්ථය ඊයේ (27) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියෙහි පිහිටි ප්‍රධාන පීඨිකාවේ දී ජනගත කළේ ය.

ඈත අතීතයේ සිට පැවත එන නොයෙක් විශ්වාස, ඇදහිලි, යාතුකර්ම යනාදිය පිළිබඳව නූතන ඇසකින් බලන්නට පොලඹවන මෙම කෘතිය කතුවරයා විසින් පිළිගන්වන ලද්දේ ද සුවිශේෂ පුද්ගලයකු වෙත ය. එනම්, මාරක කතා චක්‍රවර්ති ලෙස විරුදාවලි ලත් ප්‍රකට ලේඛක ඩීමන් ආනන්ද ලේඛකයා ගේ එකම දියණිය වන වරුණි ෂර්මිලා ආනන්ද වෙත ය; මෙම කෘතියෙහි පිදුම යොමු කර ඇත්තේ ද ඩිමන් ආනන්ද වෙත ය.
එම අවස්ථාවේ දී: මේ වන විට පෙර අපර දෙදිග මතවාද අනුව බරපතළ විසංවාදාත්මක මට්ටමක පවතින ‘බලි තොවිල් ශාන්තිකර්මවලින් සුවසෙත උදා කරගත හැකිද?’ යන්න සුසංවාදාත්මක මට්ටමකට ගෙන ඒමේ අරමුණින් හිටපු මානව විද්‍යා මහාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් මානව විද්‍යාත්මක පදනමින් ද, විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් විසින් මනෝ වෛද්‍ය විද්‍යාත්මක පදනමින් ද කෙටි දෙසුම් දෙකක් පැවැත්වූහ.
අපේ රටේ මානසික වෛද්‍ය ක්ෂේත්‍රයෙහි අඩුපාඩු රැසක් පවතිනවා
වෛද්‍ය රූමි රූබන් මෙහි දී විශේෂ කරුණක් හෙළි කළේ ය. එනම් මෙරට ජනතාව වැඩි වැඩියෙන් මිථ්‍යා විශ්වාස සහ ඇදහිලි කෙරෙහි යොමු වන්නේ මෙරට මානසික වෛද්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අඩු පාඩු සහ අසම්පූර්ණභාවය හේතුවෙන් බවයි.
එම ප්‍රතාශය අප බරපතළ ලෙස සලකා බැලිය යුතු ය. විශේෂයෙන් ම මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයට වග කියන අමාත්‍යවරයා ගේ සිට නිලධාරීහු ද මේ පිළිබඳව අවධාරණය යොමු කළ යුතු ය.
බෙර පදයේ රිද්මය මානසික සහනය සලසනවා
ගංගාවක් සේ ගලා යන ජීවිතය තුළ උප්පත්තිය, වැඩිවිය පැමිණීම, විවාහය සහ මරණය නමැති අවස්ථා හතර අතර තුර විවිධ විකාතිතා ඇතිවන විට විවිධ ශාන්තිකර්ම කිරීමට ඇතැම් අය පෙලඹී සිටිය ද එහි දී සුවපත්භාවයක් ලැබෙන්නේ ගතට නොව මනසට බවත්, ඊට බලපාන්නේ: බෙර පදයක රිද්මයත්, විවිධ ආකාරයෙන් ගායනා කරන මන්ත්‍ර සහ ස්ත්‍රෝත්‍ර යනාදියෙහි පවත්නා රිද්මයානුකුලභාවය නියා යැයි මහාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර පැවසී ය.
මේ වන විට පවත්නා Music Therapy නමැති ප්‍රතිකාරය ඊට හොඳම නිදසුනක් යැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
''පැරණිමත ගැන අලුත් දැනුමක්'' කෘතිය ග්‍රැපිකෙයා ප්‍රකාශනයකි. එම කෘතිය මේ දිනවල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියෙහි පිහිටි B 95 කුටියෙන් මිලදී ගත හැකි ය.



ඈත අතීතයේ සිට පැවත එන නොයෙක් විශ්වාස, ඇදහිලි, යාතුකර්ම යනාදිය පිළිබඳව නූතන ඇසකින් බලන්නට පොලඹවන මෙම කෘතිය කතුවරයා විසින් පිළිගන්වන ලද්දේ ද සුවිශේෂ පුද්ගලයකු වෙත ය. එනම්, මාරක කතා චක්‍රවර්ති ලෙස විරුදාවලි ලත් ප්‍රකට ලේඛක ඩීමන් ආනන්ද ලේඛකයා ගේ එකම දියණිය වන වරුණි ෂර්මිලා ආනන්ද වෙත ය; මෙම කෘතියෙහි පිදුම යොමු කර ඇත්තේ ද ඩිමන් ආනන්ද වෙත ය.





