නදීකා බණ්ඩාරගේ ''අමන්ඩා ගේ සයිකෝසියානු දවස්'' කෘතිය අනේකාන්තවාදී සහ බහු ප්‍රස්තරික නවකතාවක් ලෙස ස්ථානගත කරමින් ප්‍රවීණ විචාරක කේ. කේ. සමන්කුමාර කළ සාකච්ඡාව.
නදීකා බණ්ඩාර විසින් රචිත ''අමන්ඩා ගේ සයිකෝසියානු දවස්'' නමැති ප්‍රබන්ධ කෘතිය අනේකාන්තවාදී නවකතාවක් ලෙස ප්‍රවීණ සාහිත්‍යකරුවකු මෙන් ම විචාරකයකු ද වන කේ. කේ. සමන්කුමාර පවසයි.
ඔහු මෙලෙස පවසන්නේ lit bits & chats youtube තුළ ''අමන්ඩා ගේ සයිකෝසියානු දවස්'' කෘතිය පිළිබඳ කළ අදහස් පළ කිරීමක දී ය.
එමෙන් ම යුරෝපියානු සාහිත්‍ය සංකල්ප මත පදනම්ව නම් මෙම නවකතාව ස්ථාන ගත කරන්නට වන්නේ 'විෂම කතාකමෙය නවකතාවක්, එසේත් නොමැති නම් බහු ප්‍රස්තරික නවකතාවක් ලෙස යැයි ඔහු වැඩි දුරටත් පැවසී ය.
එමෙන් ම මෙම නවකතාව 'සම්සතාංගමය නවකතාවක්' ලෙස ද හැඳින්විය හැකි යැයි ඔහු අවධාරණය කළේ ය.
''අමන්ඩා ගේ සයිකෝසියානු දවස්'' ප්‍රබන්ධ කෘතිය මේ ආකාරයට හඳුන්වන්නේ ඇයි ද යන්න වඩාත් පැහැදිලි කරගැනීම සඳහා මතු පළ වන වීඩියෝව නරඹන්නැයි අපි ඔබට ආරාධනා කරමු.
(සටහන - ජයසිරි අලවත්ත)
වීඩියෝව නරඹන්න
නදීකා බණ්ඩාරගේ ''අමන්ඩා ගේ සයිකෝසියානු දවස්'' කෘතිය සම්බන්ධයෙන් කේ. කේ. සමන්කුමාර සමග කළ සාකච්ඡාවට අදාල වීඩියෝව මතු දැක්වෙන ලින්ක් එක හරහා ඔබට නැරඹීය හැකියි
අමන්ඩාගේ සයිකෝසියානු දවස් "සර්පයාගේ කියවීම EP 01

එමෙන් ම යුරෝපියානු සාහිත්‍ය සංකල්ප මත පදනම්ව නම් මෙම නවකතාව ස්ථාන ගත කරන්නට වන්නේ 'විෂම කතාකමෙය නවකතාවක්, එසේත් නොමැති නම් බහු ප්‍රස්තරික නවකතාවක් ලෙස යැයි ඔහු වැඩි දුරටත් පැවසී ය.





