The Leader News
BREAKING
Top Ad
පුවත්

'දුෂ්කර පළාත්වල ඕනේ තරම් ගෑනු ළමයි දුෂණය වෙනවා! - නායක හාමුදුරුවන්ට විරෝධය පලකරන NGO ඒවා ගැන නිහඬයි' - නීතීඥ මහේෂ් කොටුවැල්ල

T

The Leader Desk

May 23, 2026 • 4:28 PM

 'දුෂ්කර පළාත්වල ඕනේ තරම් ගෑනු ළමයි දුෂණය වෙනවා! - නායක හාමුදුරුවන්ට විරෝධය පලකරන NGO ඒවා ගැන නිහඬයි' -  නීතීඥ මහේෂ් කොටුවැල්ල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වෙනුවෙන් හඬක් නොනඟා, මෙම නඩුවේ විත්තිකාර නාහිමි දෙස පමණක් බලා වෛරී සහගතව මැදිහත් වන බව නීතීඥ මහේෂ් කොටුවැල්ල පවසයි.
  • ඇප ලබාදීමේ නීතිමය පදනම පැහැදිලි කළ නීතිඥවරයා, ස්ත්‍රී දූෂණ නඩු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයකට දඬුවම් නියම කිරීමට බලයක් නොමැති බවත්, එහිදී සිදුවන්නේ විමර්ශන කටයුතුවලට සහාය දැක්වීම සහ ඇප/රක්ෂිත බන්ධනාගාරගත කිරීම් තීරණය කිරීම පමණක් බවත් පෙන්වා දුන්නේය.
  • අංක 30 දරන ඇප පනතට අනුව "ඇප ලබාදීම රීතිය වන අතර ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකයකි".
  • නමුත්, මේ අවස්ථාවේදී ඒ සියලු පාපාර්ශවයන්ගේ කරුණු දැක්වීම්වලට අවධානය යොමු කරපු මහේස්ත්‍රාත්තුමා ඇප පනතේ 14 වන වගන්තිය යටතේ වූ නීතිමය පදනම යටතේ ඇප ලබාදීමක් සිදු කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වෙනුවෙන් හඬක් නොනඟා, මෙම නඩුවේ විත්තිකාර නාහිමි දෙස පමණක් බලා වෛරී සහගතව මැදිහත් වන බව නීතීඥ මහේෂ් කොටුවැල්ල පවසයි.

ඔහු එබව කියා සිටියේ, බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ මුදලට චේතනාන්විතව ම තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න ඊයේ (22) නියෝග කිරීමෙන් අනතුරුව අධිකරණ භූමියේදී මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සමග අධිකරණය හමුවේ පෙනීසිටි නීතීඥ මහේෂ් කොටුවැල්ල මාධ්‍ය හමුවේ තවදුරටත් කියා සිටියේ, රාජ්‍ය නොවන සංවිධාන සහ කාන්තා සංවිධාන ක්‍රියා කරන්නේ වින්දිත දැරියට ඇති පක්ෂපාතීත්වයකින් නොව, අටමස්ථානාධිපති හිමියන්ට සහ බුද්ධාගමට ඇති විරෝධය නිසා බවයි.

ඇප ලබාදීමේ නීතිමය පදනම පැහැදිලි කළ නීතිඥවරයා, ස්ත්‍රී දූෂණ නඩු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයකට දඬුවම් නියම කිරීමට බලයක් නොමැති බවත්, එහිදී සිදුවන්නේ විමර්ශන කටයුතුවලට සහාය දැක්වීම සහ ඇප/රක්ෂිත බන්ධනාගාරගත කිරීම් තීරණය කිරීම පමණක් බවත් පෙන්වා දුන්නේය.

1997 අංක 30 දරන ඇප පනතට අනුව "ඇප ලබාදීම රීතිය වන අතර ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකයකි".


යම් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ හැක්කේ වරදේ බරපතලකම හෝ NGO වල බලපෑම මත නොව, ඇප පනතේ 14 වන වගන්තියේ සඳහන් පහත කරුණු මත පමණක් බව අවධාරණය කළ නීතිඥවරයා, රාජ්‍ය නොවන සංවිධාන විසින් ෆේස්බුක්, යූටියුබ් හෝ වෙනත් සමාජ මාධ්‍ය වාර්තා ඉදිරිපත් කළද, අධිකරණයක් තීන්දුවක් ගැනීමේදී එවැනි දෑ සාක්ෂි ලෙස නොසලකා හරින අතර සලකා බලන්නේ නිල විමර්ශනවල තත්ත්වය පමණක් බවද කියා සිටියේය.


නීතීඥ මහේෂ් කොටුවැල්ල මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය මතු පළවේ.

''අපි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සමඟ නීතිඥවරු හතළිහකට වඩා වැඩි ප්‍රමාණයක් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටියා''

"අද අධිකරණයේදී අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේට ඇප ලබාදීමක් සිදුවුණා. රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් ලැබුණා. අපි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සමඟ නීතිඥවරු හතළිහකට වඩා වැඩි ප්‍රමාණයක් සැකකාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටියා.

අපි නිරීක්ෂණය කරපු එක දෙයක් තමයි පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් කියලා ඒ සඳහා නිල බලයක් තියෙන පොලීසියට, ජාතික ළමා රක්ෂක අධිකාරියට අමතරව මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් පෙනී සිටියා.

නමුත්, මේ අවස්ථාවේදී ඒ සියලු පාපාර්ශවයන්ගේ කරුණු දැක්වීම්වලට අවධානය යොමු කරපු මහේස්ත්‍රාත්තුමා ඇප පනතේ 14 වන වගන්තිය යටතේ වූ නීතිමය පදනම යටතේ ඇප ලබාදීමක් සිදු කළා.


විශේෂයෙන්ම කියන්න ඕනේ, අනුරාධපුර ප්‍රදේශයේ, විශේෂයෙන්ම මේ වගේ දුෂ්කර පළාත්වල, ගෑනු ළමයි ගණනාවක් අපචාරයන්ට ලක්වෙලා තියෙනවා, දූෂණයන්ට ලක්වෙලා තියෙනවා. අවුරුදු හතේ, අටේ, දහයේ, දොළහේ ගෑනු ළමයි දූෂණයට ලක්වෙලා තියෙනවා. නමුත් මේ... මේ කාන්තා සංවිධානවල, මේ... NGO වල කිසිම අවධානයක් ඒ ළමයි වෙනුවෙන් යොමුවෙලා නෑ. අපි අද නිරීක්ෂණය කරපු ප්‍රධාන දෙයක් තමයි මෙතන තියෙන්නේ ඒ වින්දිත වූ දැරියට තියෙන පක්ෂපාතීත්වයට වඩා අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේට තියෙන විරෝධතාවය කියලා. ඒ කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන විසින්, බෞද්ධ විරෝධී සංවිධාන විසින් ජනතාව පෙළඹවීමක් කරනවා, මෙහිදී නායක හාමුදුරුවන්ට විරුද්ධව කරුණු දක්වලා නායක හාමුදුරුවන්ව වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න...


මෙතැනදී අපි නීතිය ඉතාමත්ම නිවැරදිව පෙන්වලා දුන්නා. මේ නඩුව තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ. මහේස්ත්‍රාත් අධිකරණය කියන්නේ නඩුව අහලා, නඩුවේ කරුණු මත වැරදිකාරයාට දඬුවම් දෙන අධිකරණයක් නෙමෙයි. ස්ත්‍රී දූෂණ නඩු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය කරන්නේ විමර්ශනය කිරීම් සම්බන්ධයෙන් සහාය දැක්වීමක් පමණයි. ඒ වගේම, සැකකරුවෙක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් වුණාම සැකකරුට ඇප ලබාදීමට හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලයක් මහේස්ත්‍රාත්වරයාට තියෙනවා.

ඇප ලබාදෙන්න පුළුවන් තත්ත්වයන් තමයි ඇප පනතේ දක්වලා තියෙන්නේ. 1997 අංක 30 දරන ඇප පනතේ කියලා තියෙනවා ඇප ලබාදීම තමයි රීතිය, ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය කියලා. එතකොට, ඇප ප්‍රතික්ෂේප කරනවා නම්, රක්ෂිත බන්ධනාගාර ගත කරනවා නම්, ඒක කළ යුතු වන්නේ සැකකරු කරලා තියෙන වරදේ බරපතලකම නිසා නෙමෙයි, NGO වල මැදිහත්වීම නිසා නෙමෙයි, කාන්තා සංවිධානවල බලපෑම මත නෙමෙයි. යම් කෙනෙක්ව රක්ෂිත බන්ධනාගාර ගත කරනවා නම් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න පුළුවන් වෙන්නේ ඇප පනතේ 14 වන වගන්තියේ තියෙන නීතිමය උපමානයන් මත පමණයි.

ඒ කියන්නේ සාක්ෂිකරුවාට හෝ නඩුවට අයුතු ලෙස බලපාන... බලපාන කාරණයක් කරනවා නම්, පැන යයි කියලා, සැඟවෙයි කියලා යම් සැකයක් තියෙනවා නම්, ඒ වගේම මේ විමර්ශනවලට හෝ වෙනත් බලපෑමක් කරන්න සැකකරුට හැකියාවක් තියෙනවා නම්, ඒ වගේම ස්වභාවිකව උග්‍ර මහජන විරෝධයක් මතුවෙලා තියෙනවා නම් ඇප ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තියෙනවා.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන කරුණු ගණනාවක් ඉදිරිපත් කළා. ෆේස්බුක් හී සටහන්, සමාජ මාධ්‍යවල වාර්තා ඉදිරිපත් කළා. නමුත් අධිකරණයක් සාක්ෂියක් හැටියට සමාජ මාධ්‍ය වාර්තා හෝ ෆේස්බුක් සටහන් හෝ යූටියුබ්කරුවන්ගේ අර්ථ දැක්වීම් ගණන් ගන්නේ නෑ. අධිකරණයක් සලකලා බලන්නේ විමර්ශනයේ තත්ත්වය මත පමණයි.

පොලීසිය විසින් කරුණු වාර්තා කරලා තිබ්බා, විමර්ශන අවසන් වෙලා උදෘත නීතිපතිතුමා වෙත යවලා තියෙනවා කියලා. දැන් තියෙන්නේ නීතිපතිතුමාගේ කාර්යභාරය. නීතිපතිතුමා නැවත පොලීසියට කියලා තියෙනවා මේ මේ කාරණා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරලා එවන්න කියලා. ඒක ඉතාමත්ම නීත්‍යානුකූලයි.

එහෙම නැතුව නීතිපතිතුමාගේ බලයට මැදිහත් වෙලා, විමර්ශකයාගේ බලයට මැදිහත් වෙලා, රාජ්‍ය නොවන සංවිධානවලට හෝ කාන්තා සංවිධානවලට නීතිය තමන්ගේ අතට ගන්න බෑ. කරුණු ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඉතාමත්ම නිවැරදිව උගත් මහේස්ත්‍රාත්වරයා තීරණය කළා ඇප පනතේ 14 වන වගන්තිය යටතේ කිසිදු කරුණක් ඔප්පු වෙලා නෑ විමර්ශනවලට බලපෑමක් සම්බන්ධව, කිසිදු කරුණක් ඔප්පු වෙලා නෑ සමාජයේ විශාල විරෝධතාවයක් මතුවෙලා තියෙනවා කියන එක පෙන්වාදීම සම්බන්ධයෙන්. ඒ කාරණා මත තමයි ඇප ලබාදීම සිදු වුණේ.

මම බලාපොරොත්තු වෙනවා මේ කාන්තා සංවිධානවලින්, මේ යූටියුබ් මේවා කරන අයගෙන් මම ඉල්ලා සිටිනවා, මේ නඩුව නෙමෙයි එකම නඩුව. අහිංසක ගෑනු ළමයි දූෂණය වෙනවා, 12ට අඩු, 14ට අඩු, අවුරුදු හත අට තියෙන ළමයි දූෂණය වෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණ හැම පළාතකම පිහිටවලා තියෙනවා. ඒ නඩුවල වින්දිතයන් වෙනුවෙනුත් මේ වගේ සැලකිල්ලක් දක්වන්න, මේ වගේ පෙනී ඉන්න, විත්තිකරුවන්ට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන්න එන්න.

එහෙම නැතුව විත්තිකරු කවුද කියලා බලලා, විත්තිකරු නායක හාමුදුරුවෙක් නම්, ආගමට තියෙන විරෝධය මත, බුද්ධාගමට තියෙන විරෝධය මත පෙනී ඉන්න එපා. දරුවා වෙනුවෙන් පෙනී ඉන්න. දරුවා වෙනුවෙන් කරුණු දක්වන්න.


සෑම දරුවෙක්ම දරුවෙක් නම්, මේ නඩුවේ වින්දිතයා විතරක් නෙමෙයි, අනෙක් නඩුවල වින්දිතයන් සම්බන්ධයෙනුත් ඔබ ඔය මාධ්‍ය විවර කරන්න, ඔබ ඔය සමාජ මාධ්‍යයට කරන හඬගෑම දිගටම කරගෙන යන්න කියන ඉල්ලීම ඔවුන්ගෙනුත් කරන්න කැමතියි. බොහොම ස්තුතියි."

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...