leader s

ගාසා තීරයේ ඛාන් යුනිස් (Khan Younis) වෙත එල්ල කළ නවතම ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 4 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.   

ඒ අනුව, අද අළුයම සිට සිදු කෙරුණු ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 9 දෙනකුවත් මියගොස් ඇතැයි අල්ජසීරා (Aljazeera) පුවත් සේවය පවසයි. 

උතුරු ගාසා තීරයේ ඊශ්‍රායලය විසින්, හමුදා සේවා සැපයුම් උදෙසා ඉදි කළ නෙට්සරීම් කොරිඩෝවේ (Netzarim Corridor) ඊයේ (26) දිනයේත්, ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කරුවන් අතර බර අවි ගැටුම් පැවතිණ. ඊශ්‍රායල යුද ටැංකි ෂෙල් වෙඩි සහ හමාස් රොකට් ප්‍රහාර දිගින් දිගටම හුවමාරු වූ  බව වාර්තා වේ. 

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට ඊශාන දෙසින් පිහිටි ඊශ්‍රායල හමුදා ගොඩනැගිල්ලක් වෙත හමාස් සටන්කරුවන්ගේ තාපගතික හෙවත් තර්මෝබැරික් රොකට් ප්‍රහාරයක් එල්ල විය. ඔවුන් විසින් එහි රැඳී සිටින ඊශ්‍රායල හමුදාවන්ට රොකට් ග්‍රෙනේඩ් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ. 

මධ්‍යම ඛාන් යුනිස් වෙත ඊයේ දිනයේදීත් තවදුරටත් ඊශ්‍රායල හමුදා ආක්‍රමණ සිදු කෙරිණි. ඉන් උතුරු දෙසට වන්නට පිහිටි මධ්‍යම දෙර් අල්-බලා (Deir el-Balah) ප්‍රදේශයද ඔවුන්ගේ පාලනයට නතු වෙමින් පවතී. 

ඉකුත් ඉරු දින (25) උතුරු ඛාන් යුනිස් ප්‍රදේශයේ සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් (Tel Aviv) අගනුවර වෙත හමාස් රොකට් ප්‍රහාරයක් එල්ල විය. 

(Aljazeera ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:
Israeli tanks push towards Deir el-Balah forcing UN to halt aid operations


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්