leader s

ගාසා හි හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කර දෙන ලෙස රජයට බල කරමින්, ඊශ්‍රායල වැසියන් විශාල පිරිසක් ටෙල් අවිව් අගනුවර

අයලෝන් අධිවේගී මාර්ගය (Ayalon Highway) අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඊශ්‍රායල හමුදා ගුවන් විදුලි මාර්ගගත විකාශය ඔස්සේ එහි දර්ශන මුදා හැර ඇත. විරෝධතාකරුවෝ බැනර, පෝස්ටර සහ හමාස් අත්අඩංගුවේ පසුවන සිය පවුල් සාමාජිකයින්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අධිවේගී මාර්ගය මත විරෝධතාවේ නියැලෙමින් සිටිති.

 

F240508TN07 විරෝධතාකරුවෝ බැනර, පෝස්ටර සහ හමාස් අත්අඩංගුවේ පසුවන සිය පවුල් සාමාජිකයින්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අධිවේගී මාර්ගය මත විරෝධතාවේ නියැලෙමින් සිටිති.

මේ අතර, 124,000 ක ට අධික සාමාජිකත්වයෙන් යුත්, ලෝක ව්‍යාප්ත ශිෂ්‍ය ව්‍යාපාරයක් වන කොලොම්බියා-ගාසා සහයෝගිතා කඳවුර සතු ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලා ගිණුම සම්පූර්ණයෙන් අත්හිටුවා තිබේ.

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කොට සිදු කරමින් යන යුද්ධය වහා නතර කරන ලෙස බල කෙරෙමින් එම ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කෙරිණි.

 




(Aljazeera ඇසුරින් සටහන:  හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර:
Israeli tanks push towards Deir el-Balah forcing UN to halt aid operations


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්