leader s

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සිට මෝටර් රථවලින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 24 දෙනකු ට අධික පිරිසක්

බලුකිස්ථාන සන්නද්ධ කණ්ඩායමක්  විසින්  සිදු කළ  වෙඩි තැබීම් දෙකකින්, ජීවිතක්ෂයට පත් වෙති.  

ඊයේ (26) සහ ඉකුත් ඉරු දින (25) මෙම වෙඩි තැබීම් සිදුකර ඇතැයි වාර්තා වේ.  

මෝටර් රථ  වලින් ගමන් ගනිමින් සිටි පිරිසක්, ඉන් පිටතට ඇද, වෙඩි තැබීම්  සිදු කර තිබේ.

බලුකිස්ථානයේ  බලෝක් විමුක්ති හමුදාව (Baloch Liberation Army) එහි වගකීම පිළිගෙන  ගෙන ඇත.

ප්‍රාන්තය ඔස්සේ ඉදි කෙරුණු අධිවේගී මාර්ගයේ පාලන බලය සතු ආරක්ෂක හමුදා ඉලක්ක කර මෙම වෙඩි තැබීම් සිදුකළ බව ඔවුහු පවසති.

එහෙත්, එහි මෝටර් රථවල ගමන් කරමින් සිටි පිරිසක් ඉන් පිටතට ඇද, ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කර ගැනීමන් අනතුරුව වෙඩි තැබීම් සිදු කර තිබේ. වෙඩි තැබීම් වලින් ඝාතනය වී ඇත්තේ විදෙසේ සංක්‍රමණික සේවක පිරිසකි.

මීට ඉහත, පාකිස්ථානයේ සේවය කරන චීන ජාතික සංක්‍රමණිකන් සහ චීන ව්‍යාපෘති ද ඉලක්ක කර මෙවැනිම ඝාතන රැල්ලක් ක්‍රියාත්මක විය. චීන ජාතිකයින්ට අමතරව, ආරක්ෂක හමුදා සාමාජිකයින්, විදෙස් ව්‍යාපෘතීන්හි සේවය කරන සේවකයින් සහ කම්කරුවන් ද බෙදුම්වාදීන්ගේ  ඉලක්ක වී තිබේ.

බලුකිස්ථානය, විදේශිකයින්ට අනාරක්ෂිත බව හැඟවීම ඔවුන්ගේ අපේක්ෂාව විය හැකි යැයි, ඒ පිලිබඳ අදහස් දක්වන විශ්ලේෂකයෝ පවසති.  

නිරිතදිග පාකිස්ථානයේ  පිහිටි  බලුකිස්ථානයේ (Balochistan) මෑතක සිට දිගින් දිගටම සිදු කෙරෙන මෙම මිනිස් ඝාතන රැල්ලේ  ප්‍රතිඵල ලෙස  අවම වශයෙන් පුද්ගලයින් 74 දෙනකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ.

පාකිස්ථානයේ කලාට් (Kalat) දිස්ත්‍රික්කයේ දී ඝාතනය කළ පොලිස් නිලධාරීන් 10 ක ට අධික සංඛ්‍යාවක්, බෝලාන් (Bolan) දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 06 දෙනකු, සහ පාකිස්ථාන ආරක්ෂක භටයින් 14 දෙනෙක් ද ඒ අතර වෙති.

දශක ගණනාවක සිට පවතින මෙම බෙදුම්වාදී කැරැල්ල හේතුවෙන් පාකිස්ථාන හමුදා සහ බෙදුම්වාදී සටන්කරුවන් අතර පවතින නිරන්තර ගැටුම් තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

බලුකිස්ථානය, පකිස්ථානයේ පිහිටි විශාලතම ප්‍රාන්තයයි. 2023 ජන හා සංඛ්‍යාලේඛන වාර්තා අනුව මිලියන 240ක් පමණ වන එරට සමස්ත ජනගහනයෙන්, මිලියන 15ක්  බලුකිස්ථානයේ වාසය කරති.

ගල් අඟුරු, රත්‍රන්, තඹ ආකාර මෙන්ම, බොරතෙල් සහ ද්‍රව වායු නිධීන්ගෙන් අනූන ප්‍රාන්තයක් වුවත් එය මෙතෙක්, එරට වැඩිම දරිද්‍රතාවයක් සහිත ප්‍රාන්තය ලෙස සැලකේ. කලාපයේ ගැඹුරු වාණිජ වාරයක්ද බලුකිස්ථානය සතුය.

(Aljazeera ඇසුරින් සටහන;  හ ර් ෂ  උදයකාන්ත)


මූලාශ්‍ර:

What’s behind Pakistan’s deadly Balochistan attacks, which left 74 dead?


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්