තර්ජන හේතුවෙන්, ජීවිතාරක්ෂාව පතා තමාට සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට රටින් පලා යාමට සිදුව ඇතැයි, ලිබියානු මහ බැංකු අධිපති සදීක් අල්-කබීර් (Sadiq al-Kabir) ප්‍රකාශ කරයි.
සන්නද්ධ පුගලයින් විසින් බැංකු කාර්ය මණ්ඩල වෙත මරණ තර්ජන එල්ල කරමින් ඔවුන් බිය වද්දමින් ඇතැයි දුරකථනය ඔස්සේ ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. බලහත්කාරයෙන් රාජකාරියට වාර්තා කිරීමට බල කරමින්, බැංකු කරුවන්ගේ දරුවන් සහ ඥාතීන් පැහැර ගනිමින් ඇතැයි ද ඔහු පවසයි.
රට තුළ උග්‍ර මූල්‍ය අර්බුදයක් උද්ගතව ඇති අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.
මේ වන විට, ලිබියාවේ සියලු බැංකු කටයුතු ඇණහිට තිබේ. රට තුළ උග්‍ර මූල්‍ය අර්බුදයක් උද්ගතව ඇති අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. මිලියන 2.3 ක ට අධික රාජ්‍ය සේවක වැටුප් මෙම මස සිට දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබේ. මාසික වේතන මත පමණක් යැපෙන ඔවුන්, මේ හේතුවෙන් දැඩි ජීවන අරගලයකට මුහුණ පා සිටී. බැංකු ගිණුම් හි මුදල් සංචිත නොමැති අතර, උග්‍ර ඉන්දන හිඟයක් මතුව ඇතැයි ද වාර්තා වෙයි.
එරට අන්තර්වාර අගමැති අබ්දුල්හමීඩ් අල්-බෙබා (Abdulhamid al-Dbeibah) විසින් මහ බැංකුව වෙත නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
එරට අන්තර්වාර අගමැති අබ්දුල්හමීඩ් අල්-බෙබා (Abdulhamid al-Dbeibah) විසින් මහ බැංකුව වෙත නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ. තමා එම ධුරයෙන් නෙරපා හැරීමට ගත් තීරණය නීති විරෝධී බව සදීක් අල්-කබීර් ප්‍රකාශ කරයි. එය, එක්සත් ජාතීන් (UN) සමග ලිබියාව එළැඹ ඇති මූල්‍ය සම්මුතියට පටහැනි බව ද ඔහු පවසයි.
දේශපාලකයෝ, එරට මහ බැංකුව, තෙල් ආකාර, අනෙකුත් රාජ්‍ය ආයතන සහ පොදු දේපලවල පාලන බලය උදෙසා කුළල් කා ගනිමින් සිටිති.
ලිබියානු මහ බැංකුවේ පාලන බලය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය මේ වන විට, එරට මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි දැඩි ප්‍රතිරෝධී බලපෑමක් එල්ල කරමින් පවතී. කලාපයේ ප්‍රධාන තෙල් නිෂ්පාදකයකු වන ලිබියාව, තුර්කි සහ රුසියානු සහාය ලැබෙන නැගෙනහිර සහ බටහිර කලාප වශයෙන් ද බෙදී පවතී. දේශපාලකයෝ, එරට මහ බැංකුව, තෙල් ආකාර, අනෙකුත් රාජ්‍ය ආයතන සහ පොදු දේපලවල පාලන බලය උදෙසා කුළල් කා ගනිමින් සිටිති.
සියලු ඒකපාර්ශ්වීය තීරණ ගැනීම්, තෙල් ආකාර කෙරෙහි පවත්නා බලහත්කාරකම්, සහ බලය අව භාවිතා කිරීම් වහා නතර කරන ලෙසත්, සියලු මිල ඉහළයාම් පාලනය කරන ලෙස, සහ බැංකු කාර්යමණ්ඩල ආරක්ෂාව වහා තහවුරු කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එරට රජයට දැඩි අවවාද නිකුත් කර තිබේ.
(සටහන: හර්ෂ උදයකාන්ත)






