මාලදිවයිනේ සියලු ඩොලර් සංචිත සිඳී ගොස් ඇතැයි වාර්තා වෙයි. අපේක්ෂිත ආදායම් මත පමණක් රැඳෙමින් පාලනයකින් තොරව මූල්‍ය විධි විධාන පවත්වා ගැනීම මෙම මූල්‍ය අර්බුදයට හේතුව බව, එරට හිටපු මුදල් අමාත්‍ය ඉබ්‍රහිම් අමීර් (Ibrahim Ameer) පවසයි.
නවතම ෆිච් (Fitch) සහ මූඩි (Moody) ශ්‍රේණිගත කිරීම් හි, මාලදිවයින් සමස්ත ණය ශ්‍රේණි ගත කිරීම් පහත හෙළා තිබේ.
මූල්‍ය ඉපයීම්වලට අදාල සාකච්ඡාවන්ට ලැබෙන ප්‍රතිචාර මත පදනම්ව තීරණ ගැනීමට එදිරිව, රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාර පිලිබඳ නිවැරදි වැටහීමක් වත්මන් රජයට නැතැයි ද, අමීර් චෝදනා කරයි. එරට මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය සබඳතා එසේ පවත්වාගැනීම විශාල වරදක් බව ඔහු පෙන්වාදෙයි. මාලදිවයින් රුෆියා බිලියන 16 ක අපේක්ෂිත ආදායම මත රැඳෙමින් මූල්‍ය විනය අක්‍රමවත් කිරීමේ අනිටු ප්‍රතිඵලය එය බව ඔහු පවසයි.
මාලදිවයින් මූල්‍ය අධිකාරිය විසින් මේ පිලිබඳ එරට මුදල් අමාත්‍යංශය වෙත අනතුරු අඟවමින් මීට පෙර ලිපියක් යොමු කර තිබුණද, ඊට දින කිහිපයකට පසු, එරට සියලු ඩොලර් සංචිත අවසන් බව දැනුම් දීමට කටයුතු කෙරිණි. එරට ඉතිහාසයේ විදෙස් මූල්‍ය සංචිත සෘණ අගයක් කරා ඇද වැටුණු ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වෙයි.
ඉකුත් 21 වන දා වනවිට, මාලදිවයින් රජය විසින් ගෙවිය යුතු සමස්ත විදෙස් ණය වාරිකය ඇමෙරිකානු ඩොලර් මිලියන 25 ක් තෙක් ඉහළ ගොස් තිබිණි.
(Daily News ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)






