leader s

තද වැසි සහ දැඩි කුණාටු සහිත සුළං හේතුවෙන් පාකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චියේ සියලු පාසල් වසා දැමීමට බලධාරීහු අද පියවර ගත්හ.

අරාබි මුහුදේ දැනට පවතින වායු අවපාතය දැඩි සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බව එරට කාලගුණ විද්‍යා කාර්යාලය අනාවැකි ප්‍රකාශ කර තිබේ. 

ඊයේ රාත්‍රී සිට කරච්චි නුවරට මි.මී. 147 ක අඛණ්ඩ වැසි ඇද වැටෙමින් පවතී. අනවශ්‍ය ගමන් හැකි තාක් අවම කරන ලෙස සියලු ප්‍රදේශවාසීන් වෙත දන්වා ඇත. 

ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයට එපිටින් පවතින වායු අවපාතය, අද දිනය තුළ දරුණු සුළි  කුණාටු තත්වයක් ලෙස පකිස්ථානයට ඇතුළු වීමට නියමිතය. ඉදිරි දින දෙක ඇතුළත එය වයඹ දෙසින් අරාබි මුහුදට ඉහළින් ගමන් කරනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා කාර්යාලය ද අනාවැකි පල කරයි. 

ප්‍රදේශයේ සියලු ධීවර කටයුතු සහ සමුද්‍රීය යාත්‍රික කටයුතු නවතා දමන ලෙසද බලධාරීන් විසින් උපදෙස් නිකුත් කර තිබේ. සුළි කුණාටුව හේතුවෙන්, ඉදිරි දිනවල එරට දරුණු ජල ගැලීම් සහ ක්ෂණික ගං වතුර  තත්වයක් ද ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත. 

(Reuters ඇසුරින් සටහන; හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:

Schools in Pakistan's Karachi closed as rare August cyclone builds up


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්