leader s

යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) ඊයේ (30) එරට ගුවන් ගුවන් හමුදාපති මිකොලා ඔලෙෂුක් (Mykola Oleshchuk)

එම ධුරයෙන් පහ කළේය.

තමාට පැවරී ඇති ජනාධිපති බලතල ප්‍රකාරව එම තීරණය ගත්  බව ඔහු පවසයි.

රුසියානු ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කිරීමට යාමේදී යුක්‍රේන ගුවන් හමුදාවට අයත් එෆ්-16 (F-16) ප්‍රහාරක යානයක් ඉකුත් සඳුදා (26) හදිසියේ අනතුරට ලක්වීමෙන් පසු, ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ. අනතුරින්, ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත් විය.

 

presidantවහාම ක්‍රියාත්මක පරිදි ගුවන් හමුදාපතිවරයා සේවයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවත්, සියලු යුක්‍රේන ගුවන් හමුදා නියමුවන්ට සිය උත්තරීතර ගෞරවය පිරිනමන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

වහාම ක්‍රියාත්මක පරිදි ගුවන් හමුදාපතිවරයා සේවයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවත්, සියලු යුක්‍රේන ගුවන් හමුදා නියමුවන්ට සිය උත්තරීතර ගෞරවය පිරිනමන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ගුවන් හමුදාපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට පැහැදිලි හේතුවක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර නැතත්, හමුදාවන්ගේ ආරක්ෂාව පිලිබඳ මීට වැඩි අවධානයක්   යොමු කළ යුතු බව සහ අණ මූලය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.

 යුක්‍රේනය විසින් එක්සත් ජනපද සහයද සහිතව ජෙට් යානා අනතුර පිලිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

යුක්‍රේන හමුදා යානය වෙත රුසියානු ප්‍රහාරයක් එල්ල වීම පිලිබඳ මෙතෙක් අනාවරණය වී නැත.

අනතුර, ගුවන් නියමුවාගේ වරදින් හෝ  තාක්ෂණික දෝෂයක් මත සිදු වූවාද, නැද්ද යන්න පිලිබඳ පරීක්ෂණ සිදු කෙරේ.

රුසියානු ආක්‍රමණයත් සමග ප්‍රථම වරට එෆ්-16 ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේනය ට හඳුන්වාදීමට කටයුතු කෙරිණි.

අනතෝලි ක්‍රිවොනොෂ්කා (Anatoliy Kryvonozhka) වැඩ බලන ගුවන් හමුදාපති වශයෙන් පත් කර  තිබේ.  


(Reuters ඇසුරින් සටහන: හ ර් ෂ  උදයකාන්ත)


මූලාශ්‍ර:

Ukraine's air force commander dismissed after F-16 crash


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්