leader s

ඇමෙරිකානු හමුදා, ඉරාක ආරක්ෂක හමුදාවන් හා එක්ව සිදු කළ මෙහෙයුමකින් ඉරාකයේ පිහිටි අයි.එස්.අයි.එස්. (ISIS) ත්‍රස්ත මධ්‍යස්ථානයක් විනාශ කර තිබේ.


එක්සත් ජනපද ප්‍රධාන අණ දෙන මධ්‍යස්ථානය (CENTCOM) ඊයේ (30) මේ බව අනාවරණය කළේය.

පසුගිය 29 වැනි දා බටහිර ඉරාකයේ දී මෙම මෙහෙයුම සිදු කෙරිණි.  

ප්‍රහාරයෙන් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් 15 ක් ජීවිතක්ෂයට පත් කළ බව ඇමෙරිකානු හමුදා පවසති.

ත්‍රස්ත මධ්‍යස්ථානය තුළ බෝම්බ, වෙනත් පුපුරන ද්‍රව්‍ය, මරාගෙන මැරෙන බඳ පටි සහ විවිධ වර්ගයට අයත් ආයුධ රැසක් හමු වූ බවද එක්සත් ජනපද ප්‍රධාන අණ දෙන මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙහෙයුමේදී කිසිදු සාමාන්‍ය පුද්ගලයකු අනතුරට පත්වී නැතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

(Reuters ඇසුරින් සටහන;  හ ර් ෂ  උදයකාන්ත)



මූලාශ්‍ර:

US CENTCOM says it conducted raid in Iraq, 15 Islamic State operatives dead


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්