දකුණු කොරියාවේ වෛද්‍ය වැඩ වර්ජනයක් හේතුවෙන් රෝහල් සේවා බිඳ වැටී ඇතැයි වාර්තා වේ. රජය එය ප්‍රතික්ෂේප කරයි.
එහෙත්, කාර්ය මණ්ඩල ඌනතා හේතුවෙන්, එරට හමුදා වෛද්‍ය කණ්ඩායම් දැනටමත් රෝහල් කිහිපයක හදිසි ප්‍රතිකාර සේවා සඳහා යොමු කර ඇතැයි හමුදා ආරංචි මාර්ග තහවුරු කරයි.
ඉදිරියේ ඇතිවිය හැකි වෛද්‍ය හිඟයක් වළක්වා ගැනීම පිණිස, වාර්ෂිකව බඳවා ගැනෙන වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 2000 දක්වා ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් මෙම අර්බුදය හට ගෙන තිබේ.
ඊට විරෝධය පා, සීමාවාසික සහ නේවාසික තරුණ වෛද්‍යවරු දහස් ගණනක් ඉකුත් පෙබරවාරි මස සිට සේවයෙන් ඉවත්ව සිටිති.
එහෙත්, වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය හෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ බිඳ වැටීමක් අපේක්ෂා නොකෙරෙන බව එරට උප සෞඛ්‍ය අමාත්‍ය, පාක් මින් -සූ (Park Min-soo) පවසයි.
කෙසේ වුවත්, දකුණු කොරියාවේ සෞඛ්‍ය සේවයේ දැනට උද්ගතව ඇති ගැටළු හේතුවෙන්, හදිසි ප්‍රතිකාර සේවා සීමා කර තිබේ.
ඇතැම් ප්‍රධාන රෝහල් හදිසි ප්‍රතිකාර මුළුමනින්ම නතර කර ඇති බවට පැතිර යන පුවත් සාවද්‍ය බව උප අමාත්‍යවරයා පවසයි.
විශාල ලෙස අඩපණව පවතින හදිසි ප්‍රතිකාර සේවා මධ්‍යස්ථාන වෙත 15 දෙනකුගෙන් යුත් හමුදා වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හැරීමට රජය සූදානම් වෙයි.
ඊට අමතරව, 235 දෙනකුගෙන් යුත් විශේෂ හමුදා වෛද්‍ය බල මුළුවක් සහ ප්‍රජා වෛද්‍ය කණ්ඩායමක් මේ මස 09 වන දා සිට රට පුරා හදිසි ප්‍රතිකාර සේවා අඩාලව පවතින රෝහල් මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ.
හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසක සාමාන්‍ය සේවා තව දුරටත් අක්‍රීය ව පතින බවත්, සමස්ත සෞඛ්‍ය සේවයේ බිඳ වැටීම දැනටමත් ආරම්භව ඇති බවත්, දකුණු කොරියානු වෛද්‍ය විද්‍යාල මහාචාර්යවරුන්ගේ ජාතික සංගමය, විශේෂ නිවේදනයක් මගින් අද ප්‍රකාශ කළේය.
කාර්ය මණ්ඩල ඌනතා හේතුවෙන්, හදිසි ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දිගින් දිගටම හරවා යැවීමට කටයුතු කෙරේ. දැනටමත් රාජකාරියේ ඉතිරිව සිටින හදිසි ප්‍රතිකාර වෛද්‍යවරුන් කිහිපදෙනා වෙත විශාල වගකීම් සමුදායක් පැවරී ඇතැයි වාර්තා වේ.
එරට සරත් සෘතුවේ විශේෂ තෙදින නිවාඩුවක් එළඹෙන 16 වන දින ආරම්භ වීමට නියමිතය. එම කාල සීමාව තුළ ඇති විය හැකි හදිසි ප්‍රතිකාර සේවාවන්ට මුහුණ දීම පිණිස තාවකාලික සායන සහ කුඩා රෝහල් 4000ක් වරින් වර විවෘත කිරීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කරමින් සිටිති.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
South Korea denies hospital emergency rooms collapsing as army doctors deployed