නවසීලන්තය, සංචාරක ප්‍රවේශ ගාස්තු තෙගුණයකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. නව සංශෝධන, ක්ෂේත්‍රය කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල කරනු ඇතැයි
සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් කනස්සල්ල පල කර සිටී.
විදේශිකයින් සඳහා වන ප්‍රවේශ, පරිසර සංරක්ෂණ සහ සංචාරක ගාස්තු ලබන ඔක්තෝබර් 01 වන දා සිට ඉහළ දමන බව එරට රජය නිවේදනයක් නිකුත් කරමින් අද කියා සිටියේය.
නවසීලතයට පැමිණෙන විදෙස් සංචාරකයින්, එහි පොදු සේවා භාවිත කිරීම වෙනුවෙන් වැඩි දායකත්වක් ලබා ගැනීමත්, ඔවුන්ට තත්වයෙන් උසස් සංචාරක අත්දැකීමක් ලබා දීමත් අරමුණු කොට නව ගාස්තු සංශෝධන සිදු කර තිබේ.
ඒ අනුව, නවසීලන්ත ඩොලර් 35 ක පෙර පැවති ගාස්තුව ඩොලර් 100 ක් දක්වා වැඩි කෙරේ. එනම්, ඇමෙරිකානු ඩොලර් 62.20කි. නවසීලතයට පැමිණෙන විදෙස් සංචාරකයින්, එහි පොදු සේවා භාවිත කිරීම වෙනුවෙන් වැඩි දායකත්වක් ලබා ගැනීමත්, ඔවුන්ට තත්වයෙන් උසස් සංචාරක අත්දැකීමක් ලබා දීමත් අරමුණු කොට නව ගාස්තු සංශෝධන සිදු කර තිබේ.
ලොව අනෙකුත් ආකර්ශනීය සංචාරක ගමනාන්තයන් මෙන් නවසීලන්තයේද, ස්වභාවික පරිසරය විදෙස් සංචාරකයින් හේතුවෙන් දැඩි පීඩනයකට නතුව පවතී.
ලොව අනෙකුත් ආකර්ශනීය සංචාරක ගමනාන්තයන් මෙන් නවසීලන්තයේද, ස්වභාවික පරිසරය විදෙස් සංචාරකයින් හේතුවෙන් දැඩි පීඩනයකට නතුව පවතී.
කෙසේ වෙතත්, නව ගාස්තු සංශෝධන හේතුවෙන්, ඉදිරියේදී නවසීලන්තයට පැමිණෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙනු ඇතැයි, එරට සංචාරක කර්මාන්ත සංගමයේ ප්‍රධාන විධායක නිලධාරිනී රෙබෙකා ඉංග්‍රම් (Rebecca Ingram) පවසයි.
කොවිඩ්-19 වසංගතයේ හේතුවෙන් වසා දැමුණු නවසීලන්ත දේශ සීමා නීති තවමත් හිතකර ලිහිල් කිරීමකට ලක්ව නැත. ඒ හේතුවෙන්, අන් විදෙස් ගමනාත්යන් ට සාපේක්ෂව නවසීලන්ත සංචාරක කර්මාන්තය වත්මන, අර්බුදයකට පත්ව සිටී. එය, එරට සංචාරක ක්ෂේත්‍රයේ ගෝලීය තරගකාරීත්වයට සෘජුව බලපා ඇතැයි ඉංග්‍රම් සඳහන් කරයි.

පසුගිය ජුනි 30 වනදායින් අවසන් වූ අපනයන වර්ෂය තුළ එරට සමස්ත සංචාරක අපනයන ඉපැයීම්, නවසීලන්ත ඩොලර් බිලියන 14.96ක් බව ඒ සම්බන්ධයෙන් අද නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. එය, කොවිඩ්-19 ට පෙර ආදායමට සාපේක්ෂව 5% ක අඩුවීමකි.
විදෙස් සංචාරක පැමිණීම්, වසංගත සමයේ දේශ සීමා නීති දැඩි කිරීමට පෙර පැවති මට්ටමට සාපේක්ෂව, 80%ක ප්‍රමාණයකින් පවත්වා ගැනීමට රජය සමත් වී තිබේ.
එරට ගුවන්තොටුපොළ ගාස්තු වැඩි කිරීම කෙරෙහිද රජය මේ වන විට අවධානය යොමු කරමින් සිටී.
නවසීලන්තය, මෑතකදී සංචාරක වීසා ගාස්තු වැඩි කිරීමට පියවර ගත්තේය. එරට ගුවන්තොටුපොළ ගාස්තු වැඩි කිරීම කෙරෙහිද රජය මේ වන විට අවධානය යොමු කරමින් සිටී.
අවපාතයක පැවති නවසීලන්ත ආර්ථිකය මේ වන විට, ක්‍රමයෙන් යථා තත්වයට පත් වෙමින් ඇත. අද දින ඇමෙරිකානු ඩොලර් 1 ක වටිනාකම, නවසීලන්ත ඩොලර් 1.6077 කි.
(Reuters ඇසුරින් සටහන; හර්ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
New Zealand nearly triples levy on international tourists






