ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා (Georgia) ප්‍රාන්තයේ පාසලක 14 හැවිරිදි සිසුවකු ඊයේ (04) සිදුකළ වෙඩි තැබීමකින්
ශිෂ්‍යයින් දෙදනකු සහ ගුරුවරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු මියගොස්, තවත් 09 දෙනකු තුවාල ලැබූහ.
වසරේ පාසල් වාරය ආරම්භ වීමත් සමග, එක්සත් ජනපදයේ සිදුවූ පළමු සමූහ පාසල් වෙඩි තැබීම මෙය යි. ඝාතකයා, අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එම පාසලේම සිසුවකු වන කෝල්ට් ග්‍රේ (Colt Gray) වශයෙන් හඳුනාගෙන ඇත.
ඔහු විසින්, අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලද වෙඩි තැබීමේ තර්ජන සම්බන්ධයෙන් පසුගිය වසරේ, එහි නීති අංශ මගින් ද ප්‍රශ්න කිරීම් වලට ලක් වූවෙකි.
අන්තර්ජාලයේ ඇති වෙඩි තැබීමේ ක්‍රීඩා සඳහා යොදා ගන්නා ආකාරයේ ගිනි අවියකින් ඝාතන සිදු කර ඇත.
ඝාතනය වූවන් වන්නේ, ඔහුගේ සම වයස් ශිෂ්‍යයින් දෙදෙනෙක්, 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 53 හැවිරිදි කාන්තාවකි. වෙඩි තැබීමෙන් රෝහල් ගතකළ පුද්ගලයින් සුව ලබන තත්වයේ පසුවන බව බලධාරීහු ප්‍රකාශ කරති.
සතුන් දඩයම් පිණිස භාවිතා කෙරෙන ගිනි අවි සිය නිවසේ ඇති බව ඝාතකයාගේ පියා විසින් තහවුරු කර තිබේ. එහෙත්, එවැනි කිසි අවියක්, සිය පුත්‍රයාට "හසුවන ආකාරයෙන්" තබා නැති බවද ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.
මේ වන විට රට තුළ උග්‍ර වෙමින් පවතින පාසල් සමූහ ඝාතන සහ ගිනි අවි ප්‍රතිපත්තිය පිලිබඳ දැඩි සමාජ කතිකාවක් හටගෙන ඇත.
සාමාන්‍ය දැනුම මත පදනම්ව, ගිනි අවි භාවිතය සම්බන්ධ නීති රෙගුලාසි සංශෝධනය කිරීමට අවධානය යොමු කරන ලෙස ඇමෙරිකා ජනපති ජෝ බයිඩන් ( Joe Biden) උපදෙස් නිකුත් කළේය.
(Reuters ඇසුරින් සටහන: හ ර් ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
Apalachee high school student, 14, kills four in campus shooting






