leader s

කෙන්යාවේ ප්‍රාථමික පාසලක හටගත් ගින්නකින් සිසුන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. 

මධ්‍යම කෙන්යාවේ නියෙරි (Nyeri) හි, අනතුර සිදු වී තිබේ. අනතුරින් 14 දෙනක් තුවාල ලැබූහ. මියගිය සිසුන්ගේ සිරුරු, හඳුනාගත නොහැකි ලෙස පිලිස්සී ඇතැයි සහන සේවකයෝ පවසති. අනතුරට හේතුව සොයා විමර්ශන ක්‍රයාත්මක කර තිබේ. 

කෙන්යාවේ පාසල් පරිශ්‍රයන් හි හටගත් ගිනි අනතුරුවලින් මෑත කාලීනව සැලකිය යුතු සංඛ්‍යාවක් මරණයට පත් වී තිබේ.

 

2017 වසරේ එරට නයිරෝබි අගනුවර පාසලක හටගත් ගින්නකින් සිසුහු 09 දෙනෙක් මරණයට පත් වූහ. 2012 දී සිදු වූ එවැනි අනතුරකින් සිසුන් 08 දෙනකු ජීවිතක්ෂයට පත් විය. 2001 වසරේ නයිරෝබි අගනුවරට නුදුරු කියැන්ගුලි  (Kyanguli) ද්විතියික පාසලේ නේවාසිකාගාර ගින්නකින් සිසුන් 58 දෙනෙක් මිය ගියහ.  

(Reuters ඇසුරින් සටහන; හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:
Kenya primary boarding school blaze kills 17 students


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්