ඉන්දියානු ජාතික ඔලිම්පික් මල්ලව පොර ක්‍රීඩක ක්‍රීඩිකා දෙපළක් වන බජ්රන්ග් පූනියා (Bajrang Punia) සහ විනේෂ් ෆොගත් (Vinesh Phogat) එරට ක්‍රියාකාරී දේශපාලනයට එක්ව තිබේ.
එරට විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයට ඔවුහු සිය සහාය පල කර සිටිති. පසුගිය වසර පුරාවට, ඔවුහු එරට මල්ලවපොර ෆෙඩරේශනයේ එවක ප්‍රධානී බෙර්ජි භුෂාන් ශරාන් සිං (Brij Bhushan Sharan Singh) විසින් සිදු කරන ලද ලිංගික හිංසනයන්ට එරෙහි විරෝධතා රැසක ඉදිරි පෙළ නායකත්වය ගෙන ක්‍රියා කළහ.
මල්ලවපොර නිදහස් ආර කාන්තා කි.ග්‍රෑ.50 බර පන්තිය පවත්වා ගැනීමට අසමත් වූ ෆොගත් හට පදක්කමක් නොලබාම මව්රටට පැමිණීමට සිදුවිය
පසුගිය පැරිස් ඔලිම්පික් උළෙලේ, මල්ලවපොර නිදහස් ආර කාන්තා කි.ග්‍රෑ.50 බර පන්තිය පවත්වා ගැනීමට අසමත් වූ ෆොගත් හට පදක්කමක් නොලබාම මව්රටට පැමිණීමට සිදුවිය. ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභී තිස් හැවිරිදි ක්‍රීඩිකාවක වන ඇය, මේ සමග ක්‍රීඩා දිවියෙන් සමු ගන්නා බව නිවේදනය කළාය. ඔලිම්පික් උළෙලින් පසු දිල්ලි ගුවන් තොටින්, ඉන්දියාවට පිවිසි ඇය, විශාල පිරිසකගේ උණුසුම් ප්‍රතිචාර සහ පිළිගැනීම් මධ්‍යයේ, උතුරු ඉන්දියාවේ සිය ගම් පියස බලා පිටත් වූවාය. ඇගේ නිජ බිම වන හරියානා (Haryana) ප්‍රාන්තයේ මැතිවරණයට ඇත්තේ තවත් සති කිහිපයක් පමණි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය මෙවර, තෙවන වරටත් එහි මැතිවරණ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටී.
දේශපාලනයට පැමිණි ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පිරිස, ජාත්‍යන්තර පදක්කම් මතින් සිය නිජ බිමට කීර්තිය රැගන ආ පිරිසක් පමණක් නොව, අසාධාරණයට සහ අයුක්තියට එරෙහිව නැගී සිටි මව්බිමේ, උදාර පුරවැසියන් පිරිසක් බව කොන්ග්‍රස් පක්ෂ මහ ලේකම් කේ. සී. වෙනුගෝපාල් (K. C. Venugopal) ප්‍රකාශ කරයි.
අසාධාරණයට සහ අයුක්තියට එරෙහිව නැගී සිටි මව්බිමේ, උදාර පුරවැසියන් පිරිසක් බව කොන්ග්‍රස් පක්ෂ මහ ලේකම් කේ. සී. වෙනුගෝපාල් (K. C. Venugopal) ප්‍රකාශ කරයි.
සිය සටන අඛණ්ඩ වන අතර, අධිකරණ ජයග්‍රහණය ස්ථිර බව ෆොගත් පවසයි. කාන්තාවන් සමග එක්ව, අසාධාරණයට එරෙහිව නැගී සිටින පක්ෂ සාමාජිකාවක වීම පිලිබඳ සාඩම්බර වන බවද ඇය කියා සිටී.
" ගොවීන්, හමුදා භටයින්, තරුණයින් ඇතුළු විශාල පිරිසකගේ අයිතීන් වෙනුවෙන් විරෝධතාවන්හි යෙදෙමින්, අප අති දුෂ්කර කාර්ය භාරයක් ඉටු කළා. අප රට වෙනුවෙන් ඒ අඛණ්ඩ මෙහෙවර තව දුරටත් සිදු කරන බවට සපථ කරනවා," යි, පූනියා ප්‍රකාශ කරයි. 30 හැවිරිදි ඔහු 2020 තෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ඉන්දියාව වෙනුවෙන්, කි.ග්‍රෑ. 65 බර පන්තියෙන්, මල්ලව පොර ඉසව්වේ, ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
අප රට වෙනුවෙන් ඒ අඛණ්ඩ මෙහෙවර තව දුරටත් සිදු කරන බවට සපථ කරනවා
එරට තවත් ජනප්‍රිය මල්ලව පොර ශූරයකු වන සක්ෂි මලික් (Sakshi Malik) ද අයුක්තියට එරෙහි මෙම දේශපාලන සටනට එක්ව සිටී.
ඉන්දියාවේ මල්ලවපොර ෆෙඩරේශනයේ ප්‍රධානී ව සිටි බෙර්ජි භුෂාන් ශරාන් සිං, අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට බල කරමින් ඔවුහු වසරක් පුරා අඛණ්ඩ විරෝධතාවන්හි යෙදී සිටියහ. චෝදනා ලත් බෙර්ජි භුෂාන්, එරට භාරතීය ජනතා පක්ෂ නීතිවෙදියකුද වෙයි.
ඉකුත් වසරේ ජුනි මස ඉන්දියානු මල්ලවපොර ක්‍රීඩිකාවන් 6 දෙනකු ලිංගික හිංසනය සහ සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් ඔහුට විරුද්දධව එරට අධිකරණයේ නඩු පැවරිණි.
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
Indian Olympic wrestlers Phogat and Punia enter politics, join opposition Congress






