leader s

උතුරු ඉන්දියාවේ ලක්නව් නගරයේ පෙරේදා (07) තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 08 දෙනකු ජීවිතක්ෂයට පත්ව, 28 කට අධික පිරිසක් තුවාල ලැබූහ.
ප්‍රාන්ත සහන සේවකයෝ, සුන්බුන් වලට යටවූ පුද්ගලයින් සොයා ඊයේ දින ද අඛණ්ඩ ගලවාගැනීමේ මෙහෙයුම්හි නිරතව සිටියහ.
 


වාණිජ කටයුතු සඳහා වෙන්ව තිබූ තෙමහල් සංකීර්ණයේ, මෝටර්රථ අලුත්වැඩියා සහ ගබඩා මධ්‍යස්ථානයක් ද පැවති බව වාර්තා වේ. අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ගොඩනැගිල්ල දරා සිටි කොන්ක්‍රීට් කණුවක සිදු වූ ඉරි තැලීමක් අනතුරට හේතු වී ඇතැයි සැක කෙරේ. මේ වන විට, ප්‍රදේශය පුරා දැඩි වැසි සහිත අයහපත් කාලගුණ තත්වයක් පවතින බවද වාර්තා වේ. 

(Aljazeera ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:
Building collapse in India’s Lucknow kills eight, injures dozens


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්