leader s

අභාවප්‍රාප්ත පෙරු (Peru) හි හිටපු ජනාධිපතිවරයකු වූ ඇල්බර්ටෝ ෆුජිමොරි (Alberto Fujimori) ගේ දේහය ඊයේ (14) එරට සුසාන භූමියකදී රාජ්‍ය ගෞරව සහිතව මිහිදන් කෙරිණි.

පසුගිය් දශකයේ, ලොව වඩාත් කතා බහට ලක් වූ නායකයකු මෙන්ම දැඩි දේශපාලන අධිකාරීත්වයකින් රට පාලනය කළ දරුණු පාලකයකු වශයෙන්ද ප්‍රකට ඔහු ඉකුත් බදාදා (11) දිවි සැරිය නිමා කළේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86කි. 

1990 දශකයේ, පෙරු දේශය අන්ත දරිද්‍රතාවෙන් ගලවා ගත් උදාරතර නායකයකු ලෙස ඔහු පෙරු වාසීන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය.

ඔහු එරට ෂයිනින් පාත් (Shining Path) සංවිධානය පරාජය කොට මර්දනය කළේය. ඔහුගේ "යකඩ හස්තයේ" ශක්තියෙන්, එරට රහසිගත හමුදා විසින් සිදු කරන ලදැයි පැවසෙන මිනිස් ඝාතන රැසකට වක්‍රාකාරයෙන් අනුබල දෙමින්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව ඔහු වසර 25ක සිර දඬුවමකට යටත් කෙරිණි.

Gisella Ortiz, relative of one of the victims of the "La Cantuta" massacre -where nine university students and one professor were killed by the "Colima" death squad during the government of Fujimori- poses for a picture next to other relatives of victims of Fujimori's brutal rule, at her home in Los Olivos district, Lima, on December 26, 2017.  Peru's ailing former leader Alberto Fujimori on Tuesday asked the public for forgiveness, two days after receiving a presidential pardon that sparked street protests. President Pedro Pablo Kuczynski ordered the pardon of Fujimori and seven other prisoners on humanitarian grounds, placing himself in the middle of a political crisis just days after he avoided impeachment. "We are here as relatives to reject this illegal pardon, because it does not correspond to the gravity of the crimes," Gisella Ortiz, from a group of victims' families, told reporters. / AFP PHOTO / LUKA GONZALES / TO GO WITH AFP STORY by Carlos MANDUJANO, Francisco JARA        (Photo credit should read LUKA GONZALES/AFP via Getty Images)

 

එම ත්‍රස්ත සංවිධානය පරාජය කිරීම පිළිබඳව ෆුජිමොරිට, එරට බොහෝ  පිරිස්හි ප්‍රසාදය හිමි වුව ද, කැරලි කරුවන් හා පැවති සටනින් එහි සාමාජිකයින්, හමුදා භටයින් සහ සිවිල් පුරවැසියන් ඇතුළු 69,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර තවමත් අතුරුදන් පුද්ගලයෝ රැසක් ද වෙති. එම දරුණු අභ්‍යන්තර ගැටුමේ "අඳුරු සෙවණැලි" පෙරු දේශයේ සමාජ දේහය තුළ අදටත් "හොල්මන්" කරති.

රාජ්‍ය බලය සුරක්ෂා කර ගැනීම පිණිස, සිය උපදේශකයින් විසින්, නීති ප්‍රසම්පාදකයින්, ව්‍යාපාරිකයින් සහ  අධිකරණ විනිසුරුවන් හට විශාල වශයෙන් අල්ලස් ලබා දීම් සම්බන්ධ වීඩියෝ දර්ශන නිකුත් වීමත් සමග, ෆුජිමොරි 2000 වසරේ, ජපානයට පලා ගියේය.

 

TOPSHOT - Relatives of the victims of Alberto Fujimori's regime and their lawyers attend a press conference in Lima on December 27, 2017. - Families of victims of former Peruvian president Alberto Fujimori prepared Wednesday to intensify protests against a pardon given to the ex-leader, who was serving 25 years for murder and other human rights abuses. They planned a fresh march on Thursday denouncing both the pardon and current President Pedro Pablo Kuczynski, who decreed Fujimori's release on Sunday, three days after narrowly surviving impeachment on graft allegations thanks to Fujimori's son Kenji. (Photo by ERNESTO BENAVIDES / AFP) (Photo by ERNESTO BENAVIDES/AFP via Getty Images)

මානව හිමිකම් උල්ලංඝනය මෙන්ම දූෂණ චෝදනා මත 2009 දී ඔහුට වසර 25 ක සිර දඬුවම් හිමි විය. දරුවකු ඇතුළු පුද්ගලයින් 25 දෙනකුගේ ඝාතනයට ද ඔහු වක්‍රාකාරයෙන් සම්බන්ධ බවට චෝදනා එල්ල විය. මතබේදාත්මක විශේෂ සමාවක් යටතේ, සිරදඬුවමින් වසර 16 කට පසු, ඉකුත් දෙසැම්බර් මස ඔහු නිදහස් කෙරිණි.

9c3aa0c802e0dff76c917185af25175a

 

ඔහුගේ දේහය රාජ්‍ය ගෞරව සහිතව මිහිදන් කිරීමට කටයුතු කිරීම සමස්ත පෙරු රාජ්‍යයටම නින්දාවක් බව මාරියා කාබජල් (Maria Carbajal) පවසන්නීය. ඇය ෆුජිමොරි රජය විසින් වන්ද්‍යකරණයට ලක් කළ කාන්තාවකි. 

එවක පෙරු හි අන්ත දරිද්‍ර ගම්මානවල ක්‍රියාත්මක කළ, දුප්පත්කම තුරන් කිරීමේ විශේෂ ජාතික ව්‍යාපාරයක් මගින්, කාන්තාවන් 300,000ක් වන්ද්‍ය එන්නත්කරණයට ලක් කෙරිණි. මානව හිමිකම් සංවිධාන රැසක් ඊට එරෙහිව හඬ නැගුහ.

තමන් බලහත්කාරයෙන් වඳ භාවයට පත්කරන ලදැයි දහස් ගණනක් පෙරු කාන්තාවෝ ෆුජිමෝරි රජයට එරෙහිව චෝදනා කළහ. එහෙත්, ඒ කිසිවක් "තඹ සතයකට" මායිම් නොකළ ජනාධිපතිවරයා, එම ජාතික වැඩසටහන අතිශය සම්මුතිවාදී ක්‍රියාන්විතයක් බව ප්‍රකාශ කළේය.

Alberto Fujimori Ex President of Peru Who Was Jailed for Human

 

බදාදා, ඔහු ජීවිතක්ෂයට පත්වීමත් සමග, රජය විශේෂ තෙදින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය. පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ඔහුගේ දේහය මහජන ගෞරවය පිණිස තැන්පත් කෙරිණි. 

ෆුජිමොරි, චිලි හි හමුදා ඒකාධිපතියකු වූ ඔගස්ටෝ පිනෝශේ (Augusto Pinochet) ගේ සමතැන්හිලා සැලකේ. ඔහු පෙරු රාජ්‍යය නිදහස් වෙළඳ ආර්ථිකයක් කරා රැගෙන ආවේය. තඹ ආකාරවලින් පොහොසත් පෙරු දේශය, ලතින් ඇමරිකාවේ අතිශය ස්ථාවර ආර්ථිකයක් බවට පත් කළේය.

කෙසේවුවත්, ගත වූ සත් වසර ඇතුළත, පෙරු රාජ්‍යය, ජනාධිපතිවරු 06 දෙනකු යටතේ පාලනය කර තිබේ. වත්මන, එරට දේශපාලන ව්‍යුහය දැඩි නොසන්සුන්කාරී වාතාවරණයකට පරිවර්තනය වෙමින්  ඇත. විශේෂයෙන්ම, එරට ප්‍රධානතම ආර්ථික ගාමක බලවේගය වන තඹ ආකාර වෙත සිදුකෙරෙන ආයෝජන, දැඩි විවේචනයට බඳුන් වෙයි.

පෙරු හි වත්මන් ජනපති, දිනා බොලර්තේ (Dina Boluarte) විශාල ජනතා අප්‍රසාදයකට ලක් ව සිටී. 

එළඹෙන ජනපතිවරණයට තරග කිරීමට පවා සිය පියා අපේක්ෂාවෙන් සිටි බව ෆුජිමෝරි ගේ දියණිය කෙයිකෝ (Keiko) පවසයි. ඇය ද මේ වන විට, එරට කැපී පෙනෙන දේශපාලන භූමිකාවක් නිරූපණය කරන්නීය. ඇය පසුගිය ජනාධිපතිවරණ අපේක්ෂිකාවක්ව පරාජයට පත්විය. 

 

FILE - Peru's jailed, former President Alberto Fujimori, photographed through a glass window, attends his trial at a police base on the outskirts of Lima, Peru, June 28, 2016. His daughter Keiko Fujimori announced in a post on X that he died of cancer on Wednesday, September 11, 2024. (AP Photo/Martin Mejia, File)
ෆුජිමොරි පිලිබඳ බොහෝ පෙරු වාසීන් සතුව ඇත්තේ මිශ්‍ර මතකයකි. එය ඔහු විසින් සිදු කළ සියලු හොඳ සහ නරක අතර දෝලනය වන්නකි.

ත්‍රස්තවාදය පිටු දැකීම සහ ආර්ථක පුනරුදය ඇති කිරීම සම්බන්ධයෙන් ඔහු ජනතා සම්මානයට පාත්‍ර වෙයි. එහෙත්, 1990 දශකයේ සිය පාලන බලය තුළ ලා-කැන්ටුටා (La Cantuta), බැරියෝස් ඇල්ටෝස් (Barrios Altos) සහ පැටිවිල්කා (Pativilca) හි සිදුකළ සමූලඝාතන පිලිබඳ දැඩි පිළිකුලට ලක්වෙයි.

5bdd3d80770fb2b8b1debc2e5da1c4ab

 

"ඔහු නැවත ජනපති වන තෙක් මම බලා සිටියා. ඔහු අප රට වෙනුවෙන් කළ මෙහෙවරට මගේ හෘදයංගම ස්තුතිය පුද කරනවා. ඔහු සාමය උදා කළා. මට අමතකයි, ඔහු මගේ කුඩා පාසල ඉදි කළා, මංමාවත් තනා දුන්නා, අපට නිල ඇඳුම්, සපත්තු, ආහාර පවා ලබා දුන්නා," යුසි කන්චරී  (Yusi Canchari) කඳුළු පිරි දෙනෙතින් පැවසුවාය. 
 
ෆුජිමෝරිගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීමට දුරු කතර ගෙවා, ඇය වැනි තවත් "අතීත මතක ඇත්තෝ" ලීමා (Lima) අගනුවරට එක්ව සිටියහ. 

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍රය :
As Peru buries Fujimori, a complex tussle over his legacy


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්