උතුරු ගාසා තීරයේ ජබාලියා (Jabalia) හි පලස්තීන සරණාගතයින් රැඳී සිටි ගොඩනැගිල්ලකට ඊයේ (15) ඊශ්‍රායල ගුවන් මිසයිල ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රහාරයෙන් විනාශයට පත් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින්නන් සහ මියගිය පුද්ගලයින්ගේ සිරුරු සොයා සහන සේවකයෝ වෙහෙසකර මෙහෙයුමක යෙදුණහ.
සුන්බුන් ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් නොමැතිවීමෙන්, ඒ අතර සිරවී සිටින්නන් වෙත ලඟා වීම ඉතා දුෂ්කර බව ඔවුන් විසින් අල්ජසීරා (Aljazeera) පුවත් සේවයට පවසා තිබේ.
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
Israel kills 30 in Gaza, admits responsibility for three captives’s deaths






