leader s

කොමොරෝස් (Comoros) ජනාධිපති අසාලි අසෞමානි (Azali Assoumani) පසුගිය සිකුරාදා (13) පොලිස් නිලධාරියකුගේ පිහි ඇණුමකට ලක්විය.
 
සිද්ධියෙන් තුවාල ලත් ජනාධිපතිවරයා වහා රෝහල් ගත කිරීමට පියවර ගැනිණි. ශල්‍යකර්මයකින් පසු, තුවාලයට මැහුම් කිහිපයක් යොදා ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතල නැති බවත් ජනපති කාර්යාල නිවේදනයක දැක්වේ. 

එරට මොරෝනි (Moroni) අගනුවරට යාබදව පිහිටි සලිමානි ඉට්‌සැන්ඩ්‍රා (Salimani Itsandra) හි අවමගුල් උත්සවයකට සහභාගී වී සිටියදී, එරට වේලාවෙන් එදින ප.ව. 2 ට පමණ ඔහු මෙම ප්‍රහාරයට ලක් විය. පිහි ඇණුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
 
moroni1
ප්‍රහාරකයා අහ්මඩ් අබ්දෝ (Ahmed Abdou) නම් පොලිස් නිලධාරියකු බව හඳුනා ගැනිණි. අත්අඩංගුවට පත් එම  නිලධාරියා ද ඊට පසු දින, ඔහු රඳවා සිටි සිර මැදිරිය තුළම මියගොස් සිටි බව රජයේ නීතීඥ ජොනයිඩ් කොමොරෝස් (Djounaid, Comoros) පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය. ප්‍රහාරයට දින කිහිපයකට පෙර පොලිස් නිලධාරියා, සේවයෙන් නිවාඩු ලබා සිටි බව ද අනාවරණය වී තිබේ.
පිහි ඇණුමට සහ එය සිදු කළ පොලිස් නිලධාරියාගේ මරණයට හේතූන් සොයා විමර්ශන ක්‍රියාත්මකය. 
 
59538පාක්ෂික ඡන්ද වංචා මතින් ඔහු ජනපතිවරණය ජයග්‍රහණය කළ බව විරුද්ධ පක්ෂය පවසයි. රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
පසුගිය ජනවාරි මස අතිශය නොසන්සුන් වාතාවරණයක් මැද පැවති කොමොරෝස් ජනපතිවරණයෙන් සිව්ව් වන වරටත් අසෞමානි, එරට ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය. ඔහු ජනපති ධුරයේ දිවුරුම් දීම මැයි මස සිදු කෙරිණි. පාක්ෂික ඡන්ද වංචා මතින් ඔහු ජනපතිවරණය ජයග්‍රහණය කළ බව විරුද්ධ පක්ෂය පවසයි. රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:
Comoros president 'out of danger' after knife attack, minister says



 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්