leader s

දකුණු ඉන්දියාවේ, කේරලයේ 24 හැවිරිදි ශිෂ්‍යයෙක් නීපා (Nipah) වෛරසය ආසාදනයෙන් අද ජීවිතක්ෂයට පත්විය.



ඔහු හා සමීපව ඇසුරු කළ 151 දෙනකු ද වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙයි.  

එම වෛරසය ආසාදනයෙන් පසුගිය ජුලි මස සිට කේරලයේ වාර්තා වූ දෙවන පුද්ගල මරණය මෙයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නීපා වෛරසය, ප්‍රමුඛතා ලයිස්තුවේ ඇති දරුණු රෝගකාරකයක් ලෙස නම් කර තිබේ.

වසංගත තත්වයක් තෙක් සීග්‍රයෙන් වර්ධනය වීමේ හැකියාව වෛරසය සතුව පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.

රෝගය ආසාදනය වැළක්වීමට හැකි එන්නතක් හෝ රෝගයට නිසි ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැත.

කේරලයේ ඇතැම් ප්‍රදේශවල වෛරස ආසාදනය පැතිර යාමේ වැඩි අවදානමක් දක්නට ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

වවුලන්ගෙන් සහ ඌරන් වැනි සතුන්ගෙන් නීපා වෛරස ආසාදනය සිදුවෙයි. එමගින් මිනිස් මොළයට මරණීය හානි සිදු කෙරෙන අතර මොළය ඉදිමීමේ දරුණු උණ  රෝගයෙන් ආසාදිතයින් මරණයට පත් වෙයි.

2018 වසරේදී කෙරලයෙන් ප්‍රථම වරට වාර්තා වූ නීපා වෛරස් ආසාදනයෙන්, මේ වනවිට එහි සැලකිය යුතු පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුව තිබේ.

(Reuters ඇසුරින් සටහන;  හ ර් ෂ  උදයකාන්ත)


මූලාශ්‍ර:
One dead from Nipah virus in India's Kerala; second death this year


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්