leader s

ෆේස් බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාල හිමිකරු මෙටා (Meta) සමාගම, සිය අන්තර්ජාල වේදිකා මත රුසියානු රාජ්‍ය මාධ්‍ය තොරතුරු බෙදාහැරීම

වහා ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බව ඊයේ (16) නිවේදනය කළේය.

රුසියාව, අන්තර්ජාලය ඔස්සේ කූට සහ රහසිගත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සිය යෙදුම් අවභාවිතා කරන බව එම සමාගම ප්‍රකාශ කරයි.

සමාගමේ එම තීරණය, ක්‍රෙම්ලිනය විසින් දැඩි විවේචනයට ලක් කොට තිබේ.

පසුගිය කාලවකවානුව පුරාවට මෙටා සමාගම, සිය අන්තර්ජාල වේදිකා මත රුසියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රචාරණය දරුණු ලෙස සීමා කළේය.  රුසියානු දැන්වීම් ප්‍රචාරණය ද අවහිර කෙරිණි.

රුසියානු තොරතුරු ප්‍රචාරණය වෙත ග්‍රාහක ආකර්ෂණය අතිශය සීමාකාරීව පවත්වාගැනීමට ද සමාගම වගබලා ගත්තේය.

නව තහනමත් සමග රොසියා සෙගොදින්යා (Rossiya Segodnya) සහ රුසියානු රාජ්‍ය රූපවාහිනිය වන ආර්. ටී. (RT) ඇතුළු එරට රාජ්‍ය  මාධ්‍යායතන  රැසක් මෙටා සමාගමට අයත් ගෝලීය අන්තර්ජාල යෙදුම්වලින් ඉවත් කර ඇත.  

රුසියාව, සිය මාධ්‍ය වේදිකා ඔස්සේ, ජාත්‍යන්තර සබඳතාවලට එරෙහි ක්‍රියාකාරකම් හි යෙදීම වළකාලනුවස් එම පියවර ගත් බව, සමාගම විසින් ලිඛිතව  දන්වා තිබේ.

ඒ අනුව, මෙටා සමාගමට අයත්, ෆේස් බුක්, ඉන්ස්ටර්ග්‍රැම්  (Instagram), වට්සැප් (WhatsApp) සහ ත්‍රෙඩ්ස් (Threads) මත රුසියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රචාරණය අත්හිටුවා ඇත.  

එම ක්‍රියාවත් සමග, මෙටා සමාගම ඔවුන් විසින්ම, සිය ආයතනය ජාත්‍යන්තර අපකීර්තියට පත් කර ඇති බව ක්‍රෙම්ලින් මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) අද ප්‍රකාශ කළේය.

රුසියානු මාධ්‍ය කෙරෙහි සීමාවන පරිදි, "සීරුවෙන් පෙරා" පැනවූ එවැනි නියෝග පිළිගත නොහැකි බව ඔහු අවධාරණය කරයි.

"මෙම තහනම් නියෝගය මෙටා සමාගම සමග අපේ සබඳතා පළුදු  කිරීමක්"යි ඔහු පවසයි.

රුසියාව, 2022 වසරේදී මෙටා සමාගම  "මූලධර්මවාදී" සංවිධානයක් ලෙස හැඳින්වීය.

එරට විසින් යුක්‍රේනය ආක්‍රමණයට එරෙහිව, රුසියාව කෙරෙහි වෛරී ප්‍රකාශ නිකුත් කිරීමට සිය ග්‍රාහක ප්‍රජාවට අනුබල දීමේ වරදට, රුසියාව පුරා ඉන්ස්ටර්ග්‍රැම් සහ   ෆේස් බුක් තහනම් කෙරිණි.

රුසියාව තුළ නීති විරෝධී තොරතුරු බෙදාහැරීම සහ එම තොරතුරු නඩත්තු කිරීම සම්බන්ධයෙන් මෙටා සමාගමට විරුද්ධව නඩු පැවරුණු අතර, ඒ සම්බන්ධයෙන්  රුසියාවට දඩ මුදල් ගෙවීමට ද සමාගමට සිදු විය.

 ටෙලිග්‍රැම් මැසෙන්ජර් (Telegram Messenger),  රුසියාවේ වඩාත් ප්‍රචලිත සමාජ මාධ්‍ය යෙදුම සේ සැලකේ. එහි රුසියානු නිර්මාතෘ පවෙල් දුරොව් (Pavel Durov) පසුගිය මස, ප්‍රංශයේදී විශේෂ විමර්ශනයට ද ලක් කෙරිණි.

රුසියාව තුළ යූ ටියුබ් (YouTube) සමාජ මාධ්‍ය ජාලයට ආදේශකයක් ලෙස, වී.කේ. වීඩියෝ (VK Video) භාවිතා කෙරේ. එහෙත්, එමගින්ද රුසියානු මාධ්‍ය දැඩි ලෙස වාරණය ට ලක් කර ඇත.  ඒ එහෙතුවෙන්, රට තුළ ක්‍රියාත්මක ස්වදේශීය සමාජ මාධ්‍යයක් වන එයද, රුසියානු රජයේ දැඩි පීඩනයට හසුව තිබේ.

මෙම වසරේ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනපතිවරණයට බලපෑම් කිරීම පිණිස, අන්තර්ජාල ප්‍රචාරණය උදෙසා, ඇමෙරිකානු සමාගමක සේවය, කුලී  පදනම මත  ලබාගැනීමට කටයුතු කරමින් සිටියදී, රුසියානු ආර්. ටී. රාජ්‍ය මාධ්‍යායතන සේවකයින් දෙදනකුට, ඇමෙරිකාව විසින් මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල කෙරිණි.

රුසියානු රාජ්‍ය රුපවාහිනි සේවය, මිත්‍ර සන්ධානයට එරෙහි කුට බුද්ධි මෙහෙයුම්හි යෙදෙන බවට ඇමෙරිකාව චෝදනා කරයි.

ජනමාධ්‍ය සංවිධානයක් ලෙස සිය සේවාවන්ට බාධා කිරීම පිලිබඳ රුසියාව විසින් එක්සත් ජනපදයට සිය අප්‍රසාදය පල කර තිබේ.

මෙටා සමාගම, ඇමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ  මෙන්ලෝ පාක් (MENLO PARK) හි පිහිටා තිබේ. මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) එහි අධ්‍යක්ෂ මණ්ඩල සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරයි.  

( Reuters   ඇසුරින් සටහන;   හ ර් ෂ  උදයකාන්ත)

 

මූලාශ්‍ර:

Meta bans RT and other Russian state media networks

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්