leader s

ලෙබනනයේ බීරුත් (Beirut ) අගනුවරට ඊයේ (20) රාත්‍රී ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් මිසයිල ප්‍රහාරයකින්, ඉහළ පෙළ හිස්බුල්ලා නායකයකු ඇතුළු එහි

ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 14 දෙනකු මරුමුවට පත් වූහ.  

මිය ගිය නායකයා ඉබ්‍රහිම් අඛිල් (Ibrahim Aqil) ලෙස හඳුනාගෙන තිබේ.  

 

akil

කලාපයේ යුද උණුසුම යළි සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

ප්‍රහාරයෙන් තුවාළ ලැබූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය. එහි ප්‍රතිඵලත් සමග මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ලෙබනන සෞඛ්‍ය බලධාරීහු පවසති.

ප්‍රහාරයත් සමගම නිකුත් වූ ආසන්නතම වාර්තා අනුව, 66 දෙනකු තුවාළ ලබා ඇති බවත් 9 දෙනකුගේ තත්වය බරපතල බවත් වාර්තා විය.

 

ishrayalප්‍රහාරයත් සමගම නිකුත් වූ ආසන්නතම වාර්තා අනුව, 66 දෙනකු තුවාළ ලබා ඇති බවත් 9 දෙනකුගේ තත්වය බරපතල බවත් වාර්තා විය.

දකුණු ලෙබනනයේ දහියේ (Dahiyeh) ප්‍රදේශයේ, ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නායක හමුවක් අතරතුර එම ප්‍රහාරය එල්ල කර තිබේ.

මේ අතර, සිය මෙහෙයුම්හි අරමුණ පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ඊශ්‍රායල නායක, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) පවසයි.


මේ වනවිට උත්සන්න වන ගැටුම් හේතුවෙන්, ඊශ්‍රායල - ලෙබනන දේශ සීමාවලින් දෙරටේ පදිංචිකරුවන් සිය දහස් ගණනක් ඉවත් කර තිබේ.  

ඊයේ ප්‍රහාරයෙන් මියගිය හිස්බුල්ලා නායකයා, එම සංවිධානයේ රද්වාන් (Radwan) විශේෂ බලකායේ වැඩ බලන අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරයි.

 




(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Top Hezbollah commander among 14 killed in Israeli strike on Beirut


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්