leader s

ඉකුත් අඟහරුවාදා (17) උගත් පාඩමින් බැහැරව හිස්බුල්ලා සංවිධානය තව දුරටත් සිය සාමාජිකයින්ට ඉලෙක්ට්‍රොනික පේජර බෙදාදෙමින් සිටි බව රොයිටර්ස්

(Reuters) පුවත් සේවය වාර්තා කරයි.

තායිවානයේ ගෝල්ඩ් ඇපොලෝ (Gold Apollo) ලේබලය යටතේ ලෙබනනයට ආනයනය කරන ලද එම සන්නිවේදන උපකරණ තොගය හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් අතර බෙදා හැරීමත් සමග රට පුරා පේජර  3000ක් පුපුරා ගියේය.


Hezbollah handed out pagers hours before blasts even after checksතායිවානයේ ගෝල්ඩ් ඇපොලෝ (Gold Apollo) ලේබලය යටතේ ලෙබනනයට ආනයනය කරන ලද එම සන්නිවේදන උපකරණ තොගය හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් අතර බෙදා හැරීමත් සමග රට පුරා පේජර  3000ක් පුපුරා ගියේය.
එය එසේ තිබියදීත්, සන්නද්ධ සාමාජිකයින් වෙත තව දුරටත් එම උපකරණ බෙදා දීමට හිස්බුල්ලා සංවිධානය කටයුතු කරමින් සිටි බව එම පුවත් සේවය ප්‍රකාශ කරයි.

මේ වනවිට, පේජර  පිපිරීම් මාලාවෙන් 37 දෙනකු මියගොස් 3000ක ට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය ප්‍රහාර මාලාව පිටුපස සිටින බව ලෙබනනය චෝදනා කරයි. ඊශ්‍රායල විසින් එම චෝදනාව මෙතෙක් පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර නොමැත.

එම සන්නාමයට අයත් පේජර් 5000 ක් වසර මුලදී ලෙබනනය විසින් ආනයනය කර තිබේ.

 

r0 0 800 600 w800 h600 fmaxජපානයේ අයිකොම් (ICOM) සන්නාමය යටතේ එරටට ගෙන්වා හිස්බුල්ලා සංවිධානය වෙත බෙදා හරින ලද ගමන් කථන තොගයක් ද පුපුරා ගියේය

ඉකුත් අඟහරුවාදා සිදු වූ පේජර පිපිරීමෙන් පසු ජපානයේ අයිකොම් (ICOM) සන්නාමය යටතේ එරටට ගෙන්වා හිස්බුල්ලා සංවිධානය වෙත බෙදා හරින ලද ගමන් කථන තොගයක් ද පුපුරා ගියේය. ඉන් 20 දෙනකුට අධික පිරිසක් මරුමුවට පත්ව තවත් 450 කට වැඩි පිරිසක් තුවාළ ලැබූහ.  

 (Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)


මූලාශ්‍ර:
Exclusive: Hezbollah handed out pagers hours before blasts - even after checks


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්