leader s

යුක්‍රේනය, ටෙලිග්‍රැම් ජංගම යෙදුම එරට සියලු රාජකාරී ජංගම දුරකථන සහ අන්තර්ජාල ගිණුම් වලින් තහමන් කර, ඉවත් කර තිබේ.

ඒ හරහා රුසියානු ඔත්තුසේවාන්ට ක්‍රියාත්මක වීමේ අවස්ථාව ඇති බවට ලද සාක්ෂි මත එම  පියවර ගත්  බව රජය පවසයි.

යෙදුම ඉවත් කර ඇත්තේ රාජකාරි අවශ්‍යතා මත නිකුත් කර ඇති උපකරණ හා ගිණුම් සඳහා පමණක් බව ද රජයේ නිවේදනයේ දැක්වේ.

යුක්‍රේන හමුදා බුද්ධි අංශ (GUR ) ප්‍රධානී කිර්යිලෝ බුදනොව් (Kyrylo Budanov) ඊයේ (20) එරට ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත ටෙලිග්‍රැම් යෙදුම ඔස්සේ තොරතුරු කාන්දු වන බව දන්වා සිටීමත් සමග, රජය විසින් මෙම ආරක්‍ෂිත පියවර ගෙන තිබේ.
790170 0ටෙලිග්‍රැම් යනු, යුක්‍රේනය සහ රුසියාව තුළ වැඩි වශයෙන්ම භාවිතා වන ජංගම පණිවුඩ හුවමාරු යෙදුමකි.

ටෙලිග්‍රැම් යනු, යුක්‍රේනය සහ රුසියාව තුළ වැඩි වශයෙන්ම භාවිතා වන ජංගම පණිවුඩ හුවමාරු යෙදුමකි.

2020 වසරේ, රුසියාව විසින් සිදුකළ යුක්‍රේන ආක්‍රමණයත් සමග, එහි සන්නිවේදන උපයෝගිතාව දැඩි කතා බහට ලක්විය. යුද ගැටුම් අතර තුර එය භාවිතා කිරීම පිලිබඳ යුක්‍රේනය විසින් වරින් වර අනතුරු අඟවා තිබිණි.

මේ වන විට ඩුබායි රාජ්‍යයේ වෙසෙන රුසියානු ජාතික පවෙල් දුරොව්  (Pavel Durov) එම අන්තර්ජාල යෙදුමේ නිර්මාතෘ වේ.
 
vkවීකොන්ටැක්ට්  (VKontakte) සමාජ මාධ්‍ය වේදිකාවෙන්, ප්‍රතිවිරුද්ධ සමාජ කොටස් වාරණය කිරීමට එල්ලවූ බලපෑම් ප්‍රතික්ෂේප කිරීමත් සමග, 2014 දී ඔහුට රුසියාවෙන් පලා යාමට සිදු විය

ඔහුට අයත් වීකොන්ටැක්ට්  (VKontakte) සමාජ මාධ්‍ය වේදිකාවෙන්, ප්‍රතිවිරුද්ධ සමාජ කොටස් වාරණය කිරීමට එල්ලවූ බලපෑම් ප්‍රතික්ෂේප කිරීමත් සමග, 2014 දී ඔහුට රුසියාවෙන් පලා යාමට සිදු විය. පසුව, වීකොන්ටැක්ට් සමාජ මාධ්‍ය ජාලය විකුණා දැමීමට ඔහු කටයුතු කළේය.

 ළමා අපයෝජයන හා සම්බන්ධ අසභ්‍ය ලිංගික වීඩියෝ දර්ශන, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ ටෙලිග්‍රැම් යෙදුම ඔස්සේ සිදුකළ වංචනික ක්‍රියා රැසක් සම්බන්ධයෙන් සැකපිට පසුගිය අගෝස්තු මස ප්‍රංශයේදී ඔහුව අත්අඩංගුවට ද ගැනිණි.

ටෙලිග්‍රැම් යෙදුම මගින්, එය භාවිතා කරන්නන් පිලිබඳ රුසියානු ඔත්තු සේවාවන්ට අවශ්‍ය සියලු තොරතුරු ලබා ගත හැකි බවටත්, භාවිතයෙන් ඉවත් කළ හෝ මකා දමන ලද තොරතුරු යාවත්කාලීන කර ලබා ගත හැකි බවටත්, ඔහු වෙතින් සාක්ෂි ලද බව යුක්‍රේන ආරක්ෂක කවුන්සිලය පවසයි.

paolඩුබායි රාජ්‍යයේ වෙසෙන රුසියානු ජාතික පවෙල් දුරොව්  (Pavel Durov) එම අන්තර්ජාල යෙදුමේ නිර්මාතෘ වේ.
තමන් සැම විටම කටයුතු කර ඇත්තේ භාෂණයේ නිදහස පිණිස වුව, යුක්‍රේනයේ සිය යෙදුම සම්බන්ධයෙන් පවත්නේ, ඒ සම්බන්ධ අර්බුදයක් නොව, ජාතික ආරක්ෂාව පිලිබඳ ගැටළුවක් බවත් ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.

 එම ප්‍රකාශයත් සමග, සිය යෙදුම මගින් මේ වනතෙක් කිසිවිට, කිසිවකුගේ තොරතුරු බාහිර පාර්ශ්වයක් වෙත නිකුත් කර නැතැයි  සහතික කොට, ටෙලිග්‍රැම්  සමාගම විසින් ප්‍රකාශයක් ද නිකුත් කර ඇත.

838826 20776743සිය යෙදුම මත අන්තර්ගත යම් තොරතුරු කාන්දු වී තිබේ නම්, නීති විරෝධී 'ටැප්' කිරීමේ උපකරණ හෝ වෛරස් මෘදුකාංග හරහා එවැනි කාන්දුවීම් සිදුකළ  හැකි බව හා ඊට වගකිව නොහැකි බව
 
රුසියාව හෝ වෙනත් කිසිදු රාජ්‍යයකට, සිය ග්‍රාහක සන්නිවේදන තොරතුරු ලබා දී නැති බවත්, යෙදුම මත මකා දමන ලද කිසිදු තොරතුරක් යාවත්කාලීන කිරීම, තාක්ෂණිකව කළ නොහැක්කක් බවත් සමාගම ප්‍රකාශ කරයි.  

එහෙත්, සිය යෙදුම මත අන්තර්ගත යම් තොරතුරු කාන්දු වී තිබේ නම්, නීති විරෝධී 'ටැප්' කිරීමේ උපකරණ හෝ වෛරස් මෘදුකාංග හරහා එවැනි කාන්දුවීම් සිදුකළ  හැකි බව හා ඊට වගකිව නොහැකි බවද, සමාගම නිවේදනය කරයි.

ටෙලිග්‍රැම් සමාගමට අයත් චැනල 33,000ක් පමණ යුක්‍රේනය තුළ ක්‍රියාත්මකය.
 
220225075638 01 ukraine russia zelensky 022522යුක්රේන ජනපති වොලොද්මීර් සෙලෙන්ස්කි  (Volodymyr Zelenskiy) ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් රැසක්, යාවත්කාලීන යුද තොරතුරු හා ඒ සම්බන්ධ අතිශය රහසිගත තීරණ  පල කිරීම හා හුවමාරු කර ගැනීම පිණිස ටෙලිග්‍රැම් මාධ්‍ය නිරන්තරයෙන් භාවිතා කරති.

යුක්රේන ජනපති වොලොද්මීර් සෙලෙන්ස්කි  (Volodymyr Zelenskiy) ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් රැසක්, යාවත්කාලීන යුද තොරතුරු හා ඒ සම්බන්ධ අතිශය රහසිගත තීරණ  පල කිරීම හා හුවමාරු කර ගැනීම පිණිස ටෙලිග්‍රැම් මාධ්‍ය නිරන්තරයෙන් භාවිතා කරති.

සිය ජනගහනයෙන් 75%ක්, තොරතුරු හුවමාරුව සඳහා ටෙලිග්‍රැම් යෙදුම භාවිතා කරන බව යුක්‍රේන මාධ්‍ය වාර්තා කරයි.


 (Reuters ඇසුරින් සටහන; හ ර් ෂ   උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:

Ukraine bans official use of Telegram app over fears of Russian spying


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්