leader s

ඉන්දියාවේ ඊශානදිග මනිපූර් (Manipur) ප්‍රාන්තයේ ජන ජීවිතය, වර්ගවාදී ගෝත්‍රික ගැටුම් හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව තිබේ.

මියෙන්මාරයේ සිට, ප්‍රාන්තයට පලා එතැයි සැක කෙරෙන කුකී (kuki) සටන්කාමීන් 900ක් සොයා ප්‍රාන්ත ආරක්ෂක හමුදා මේවනවිට, සීරුවෙන් තබා ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක කුල්දීප් සිං (Kuldiep Singh) රොයිටර්ස් (Reuters) පුවත් සේවයට පැවසීය. 

එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය තොරතුරක් බව එම ප්‍රජාවට අයත් ශිෂ්‍ය සංවිධානයක් (KSO) විසින් ප්‍රකාශ කර ඇත. ප්‍රාන්ත ආරක්ෂක උපදේශක යටතේ සිය පැවැත්මක අනාරක්ෂිත බවත්, වහා සේවයෙන් ඉල්ලා අස්වන ලෙසත් එම සංවිධානය විසින් ඔහුට දැනුම් දී තිබේ.

කුකී ප්‍රජාව මනිපූර්හි සුළුතර ජනකොටසක් සේ සැලකේ. ඉකුත් වසරේ සිට ඔවුන් සහ බහුතර මෙයිතෙයි (Meitei) ප්‍රජාව අතර වර්ගවාදී ගැටුම් ඇවිලෙමින් ඇත. ආර්ථික සහ ප්‍රාන්ත කොටා ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගැටුම් හටගෙන තිබේ.

 

මේ හේතුවෙන්, දේශසීමා ආරක්ෂාව තර කර ඇති අතර, මියෙන්මාරයෙන් පලා එන කුකී සටන්කාමීන් සොයා දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකය.

දකුණු මනිපූර්හි වෙසෙන කුකී ජනයා සහ මියෙන්මාරයේ චින් (Chin) ප්‍රජාව අතර සමීප සබඳතා පවතී.

කුකී සටන්කාමීන් විසින් විරුද්ධවාදීන් හා සිදුකෙරුණු ගැටුම් වලදී පුපුරන ද්‍රව්‍ය අඩංගු ඩ්‍රෝන පවා යොදාගෙන ඇති බවට බුද්ධි වාර්තා ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි. එහෙත්, සිය ප්‍රජාව විසින් එවැනි ප්‍රහාර දියත් කළ බවට පල වන වාර්තා කුකී සටන්කාමීහු ප්‍රතික්ෂේප කරති.

myanmar7sdfsdf

 

සිය ප්‍රජාව ඉලක්ක කර සිදු කෙරෙන කුකී ප්‍රහාර වහා නතර කිරීමට පියවර  ගන්නැයි ඉල්ලා මෙයිතෙයි ප්‍රජාව ඉකුත් දා ඉම්පාල් (Imphal) නගරයේ විරෝධතා ව්‍යාපාරයක් ද දියත් කළහ. 

මේ මස මුලදී එම ජන කොටස් දෙක අතර පැවති භීෂණකාරී ගැටුම් වලින් 11 දෙනෙක් මිය ගියහ. ඒසමග, ඉකුත් මැයි මස සිට පැවති ගැටුම් වලින් සිදු වූ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 237ක් බව රොයිටර්ස් පුවත් වාර්තා කරයි. ගැටුම් හේතුවෙන් මිලියන 3.2 ක ජනගහනයක් සහිත මනිපූර් ප්‍රාන්තයේ 60,000කට අධික පිරිසක් අවතැන්ව සිටිති. 

2021 මියෙන්මාර හමුදා කුමන්ත්‍රණයත් සමග, මනිපූර් වෙත සිදු කෙරුණු සරණාගත ආගමන සීග්‍රයෙන් වර්ධනය විය. ප්‍රාන්ත පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂය (BJP) ඊට සම්පූර්ණයෙන් වග කිවයුතු බව බහුතර ජන කොටස් චෝදනා කරති.

 

mani 1726893423

කිලෝ මීටර 1650ක් දිග පොරෝස් (porous) දේශ සීමාව හරහා නිදහස් වීසා මත සංක්‍රමණික ආගමනයට රජය ඉකුත් වසරේ අවසර නිකුත් කළේය. එහි, ඩොලර් බිලියන  3.71 ක වියදමින් දේශසීමා වැටක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ද සැලසුම් කර තිබේ. එම තීරණය, දේශසීමාවට ඔබ්බෙහි වෙසෙන  ජන කොටස් සමග සමීප සබඳතා පවත්වන කුකී ප්‍රජාවගේ දැඩි නොසතුටට හේතු වී ඇත.

ඉන්දියාවේ ඊශානදිග මනිපූර් ප්‍රාන්තය  ප්‍රජා කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මකය. බහුතර මෙයිතෙයි ප්‍රජාව නිම්න පෙදෙස් පාදක කොට වෙසෙන අතර කුකී ප්‍රජාව එහි කඳුකර ප්‍රදේශ අතර නිවාස තනා ජීවත් වෙති. ජන කොටස් වෙසෙන භූ දේශ සීමා අතර විශේෂ මුක්ත කලාපය,  ෆෙඩරල් සන්නද්ධ පිරිස් හි නිරන්තර සෝදීසියට ලක්වෙයි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
India's Manipur on high alert over alleged influx of 900 militants from Myanmar


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්