leader s

ඇමෙරිකානු ජනපතිවරණ සටනින් උප ජනාධිපතිනි කමලා හැරිස් (Kamala Harris) ප්‍රතිවාදී රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ට වඩා, 5%කින් ඉදිරියෙන් සිටින බව නවතම එන්.බී.සී.(NBC) පුවත් සංගණනයකින් අනාවරණය කර තිබේ. 

වාර්තාව ඊයේ (22) නිකුත් කෙරිණි. කමලා හැරිස්, මෙවර එරට ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වන ප්‍රජාතාන්ත්‍රික අපේක්ෂිකාවය.

 

c88f5027aba767b6865f2667cd6c0d89

ඇය, පසුගිය ජුලි මස ලබාගත් 32% ප්‍රතිශතයට වඩා මේ වන විට 16%ක වැඩි ප්‍රතිශතයකින්, එනම් 48%ක ජනතා ප්‍රසාදයක් ලබා ඉදිරියට පැමිණ ඇතැයි  එන්.බී.සී. වාර්තාව කියයි. ජුලි මස ලබාගත් 38% ක ප්‍රතිශතයට සාපේක්ෂව ට්‍රම්ප් ලබා ඇත්තේ, 2% ක වැඩි ප්‍රතිශතයකි. එනම්, 40%ක් පමණි.

ඇමෙරිකානු ජනපතිවරණය ලබන නොවැම්බර් 5 වෙනි දා පැවැත්වේ. 

 

ජනපති සටනින් බයිඩන් ඉවත් වෙයි - කමලා හැරිස් සටනට
59 හැවිරිදි කමලා හැරිස්, මෙවර ජනපතිවරණයෙන් තේරී පත් වුවහොත්, වසර 248 ක ඇමෙරිකානු ඉතිහාසයේ එරට ප්‍රථම ජනාධිපතිවරිය බවට පත්වන්නීය. 

2020 දී වත්මන් ජනපති ජෝ බයිඩන් ( Joe Biden) හට පරාජය වූ 78 හැවිරිදි ට්‍රම්ප් මෙවර තෙවනවරටත් ජනපති අසුන වෙනුවෙන් සටන් වදී. 

 (Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)


මූලාශ්‍ර: 

Harris gaining ground on Trump, TV network polls show

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්