leader s

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා කැරළිකරුවන් ඉලක්ක කර ඊයේ සිට ආරම්භ කර ඇති දැවැන්ත හමුදා ක්‍රියාන්විතය, මේ වන විට, අති දරුණු තත්ත්වයකට හැරී ඇත. 

 

කුඩා ළමුන් 35ක් ඇතුළු 500ක ට ආසන්න සංඛ්‍යාවක් ප්‍රහාරවලින් මරුමුවට පත්ව ඇතැයි, අල්ජසීරා (Aljazeera) පුවත් සේවය පවසයි. 1,645කට අධික පිරිසක් තුවාල ලබා සිටිති. ඉකුත් පැය 24 තුළ, ලෙබනනය පුරා හිස්බුල්ලා ඉලක්ක 1300ක් වෙත ඊශ්‍රායල හමුදා ප්‍රහාර  650ක් එල්ල කර තිබේ.  දකුණු සහ නැගෙනහිර ලෙබනනයේ දහස් ගණනින්  ප්‍රදේශ වාසීහු පලා යමින් සිටිති.

ප්‍රහාරයත් සමග, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කළේය. ඒ අනුව, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සීග්‍රයෙන් දරුණු යුද තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී. 

 



ලේබනයේ, එක්සත් ජාතීන්ගේ අතුරු  බලකාය, (UNIFIL), සාමාන්‍ය සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිලිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන අතර, වහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් කරා යන මෙන් විදෙස් රටවලින් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ.  ගැටුම් අවම කරන ලෙස එක්සත් ජනපදය විසින් ද දෙරට නායකයින්ට අවධාරණය කර ඇත.

මේ අතර, පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ ස්ථාන ගණනාවක සිදු කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හෙතුවෙන්, පලස්තීනුවන් 24 දෙනකු මියගොස් 60 කට අධික සංඛ්‍යාවක් තුවාළ ලබා සිටිති.

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:
Israel bombs Lebanon updates: Death toll rises to 492, over 1,500 wounded

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්