leader s

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින 21 ක සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජනපදය, සහ ප්‍රංශය ඇතුළු මිත්‍ර රටවල් රැසක් තදින් ඉල්ලා සිටිති.

දෙරට දේශ සීමා අතර වහා එය ක්‍රියාත්මක කරන ලෙසත්, ඒ ඔස්සේ ගසා තීරයේ ද නව සටන් විරාමයකට මුල පුරන ලෙසත් ඔවුහු බල කර සිටිති. 

ඊයේ (25)  පැවති එක්සත් ජාතීන්ගේ  (UN) හමුවේදී සිදුකෙරුණු දැඩි සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයන්ට එළැඹ තිබේ.

 

347R24F Preview

වහා තාවකාලික සටන් විරාමයකට යන ලෙස ඊශ්‍රායලය සහ ලෙබනනය ඇතුළු සියලු පාර්ශ්ව වෙත බල කරමින් මිත්‍ර සන්ධානය විසින් ඊයේ ඒකාබද්ධ නිවේදනයක් ද  නිකුත් කෙරිණි. ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ යුරෝපීය සංගමය ද ඊට අත්සන් තැබූ රටවල් අතර වෙති. 

ඒ අනුව, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර "නිල්  තීරයේ" (Blue Line) සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට නියමිතය. අනතුරුව ගැටුම් නිරාකරණය පිණිස රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීමට බල කෙරේ.

 128403976 bbcmp lebanon

 

ඊශ්‍රායලය සහ ගෝලාන් කඳුකරය, ලෙබනනයෙන් සීමා කොට වෙන් කෙරෙන රේඛාව "නිල් තීරය" ලෙස හැඳින්වේ. ඊශ්‍රායලය පූර්ණ ලෙස ලෙබනනයෙන් ඉවත්වීම අරමුණු කොට එක්සත් ජාතීන්ගේ සංවිධානය, 2000 වසරේ ජුනි 07 වන දින එය ප්‍රකාශයට පත් කළේය. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම හෙට (27) පැවැත්වේ. ඊට සහභාගී වීමට සහ රැස්වීම ඇමතීමට, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) අද එක්සත් ජනපදයට පැමිණීමට නියමිතය. 

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)


මූලාශ්‍ර:

US and allies call for 21-day ceasefire along Israel-Lebanon border after UN talks


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්