leader s

අර්නස්ට් ඇන්ඩ් යන්ග් (Ernst & Young) සමාගමට අයත් බටහිර ඉන්දීය කාර්යාලයකට එරෙහිව එරට රජය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.


එහි සේවය කළ අන්නා සෙබස්තියන් පෙරයිල් (Anna Sebastian Perayil) නම් විධායක නිලධාරිනියකගේ හදිසි මරණය අතිශය කාර්යබහුලත්වය හේතුවෙන් සිදු වූ බවට ඇගේ මව විසින් සමාගමේ, ඉන්දියානු කාර්යාල සභාපතිවරයාට ලිඛිතව දන්වා යැවීමත් සමග, රජය එම පරීක්ෂණ ආරම්භ කළේය.

  ඇගේ මරණය "දරාගත නොහැකි වැඩ කන්දරාවක්" හේතුවෙන් සිදු වූ බවට එමගින් චෝදනා කර ඇත.  

2007 සිට ආයතන සේවා මුර සම්බන්ධ ප්‍රාන්ත සහතිකයක් රහිතව එම සමාගම් ශාඛාව කටයුතු කර ඇතැයි ද අනාවරණය වී තිබේ.

චෝදනාව සම්බන්ධයෙන් ෆෙඩරල් රජයේ මූලිකත්වයෙන් පුළුල් විමර්ශනයක් දැන් පැවැත්වේ. ඊට සිය පූර්ණ සහයෝගය දක්වන බව එහි මව් සමාගම ප්‍රකාශ කරයි.

එරට නීතිය අනුව, සේවකයකු දෛනිකව පැය 9ක් වැඩෙහි යොදා ගත හැකි අතර එය සතියක් තුළ උපරිම පැය 48 කට යටත් කෙරේ.

ඉකුත් මැයි මස, ඇමෙරිකානු බැංකුවේ (Bank of America) කනිෂ්ඨ නිලධාරියකු හදිසියේ මිය යාමත් සමග රාජකාරියේදී, ශාරීරික සහ මානසික සෞඛ්‍ය සමබරතාව උදෙසා පවත්වා ගතයුතු නම්‍යශීලී සේවා මුර සහ දවසේ වැඩ කරන පැය ගණන සම්බන්ධයෙන් වැඩි ජාත්‍යන්තර අවධානයක් යොමුව තිබේ.

මිය ගිය ඉන්දීය නිලධාරිනියගේ මව විසින් යොමු කරන ලද ලිපිය මේ වන විට, එරට සමාජ මාධ්‍යයන්හි, සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතී. දැරිය නොහැකි අඛණ්ඩ  රාජකාරි හේතුවෙන් හටගත් හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතක්ෂයට පත් වූ බව, ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති.


 (Reuters ඇසුරින් සටහන; හ ර් ෂ   උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Probe into EY Indian employee's death finds office lacked labour welfare permit


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්