එක්සත් ජනපදයේ, නිව් යෝර්ක් නුවර නගරාධිපති එරික් ඇඩම්ස් (Eric Adams) ට එරෙහිව මැතිවරණ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරේ.
නීතිවේදීහු, ඊයේ (26) ඔහුට විරුද්ධව ගොනු කළ පිටු 57 කින් යුත් අධිචෝදනා පත්‍රයක් මගින් අධිකරණයේ නඩු පැවරූහ.
තුර්කි ජාතිකයන් වෙතින් ලද නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක දායකත්වයන් සහ සුඛෝපභෝගී සංචාර සම්බන්ධයෙන් ඔහුට එරෙහි මූලික චෝදනා එල්ල කර තිබේ. නඩු පැවරීමත් සමග එක්සත් ජනපදයේ විශාලතම රාජ්‍ය නාගරික පරිපාලනය ඉමහත් අර්බුදයට ලක් ව ඇත.
2021 පැවති නගර සභා මැතිවරණයට සම්බන්ධ, 2014 සිට ඇරඹි ක්‍රියාන්විතයක් ද චෝදනාවලට ඇතුළත්ය. මැතිවරණයේදී ඔහුට සහාය දක්වන්නන් වෙතින්, නොමිලේ අධි සුඛෝපභෝගී හෝටල් කාමර ලබා ගැනීම, තරු අවන්හල්වල මිල අධික ආහාර ගැනීම ඔස්සේ ඇඩම්ස් බරපතල විෂමාචාර රැසක් සිදු කර ඇති බව නීතිවීදීහු පෙන්වාදෙති.

ලද සුඛ විහරණයන්ට ප්‍රත්‍යුපකාර ලෙස, එවකට අලුතින් ඉදි කර තිබූ මහල් 36කින් යුත් නගරයේ, කොන්සල් කාර්යාල ගොඩනැගිල්ල ආරක්ෂක තත්ත්ව පරීක්ෂණ වාර්තා නොසලකා විවෘත කිරීමට නගර නිලධාරීන්ට බලපෑම් කිරීම ඇතුළු අපරාධ චෝදනා පහක් ද ඔහුට එරෙහි චෝදනා පත්‍රයට ඇතුළත්ය ය.
අධිකරණයේදී එම චෝදනා සියල්ල, සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වුවහොත්, ඩිමොක්‍රටික් අපේක්ෂක ඇඩම්ස් ට දශක ගණනක සිර දඬුවම් හිමිවනු ඇත.
64 හැවිරිදි ඇඩම්ස්, චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.
64 හැවිරිදි ඇඩම්ස්, චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි. අධිකරණයේදී සිය නිර්දෝෂීභාවය සනාථ කරන බවත්, තවදුරටත් නගරාධිපති තනතුරේ රැඳී සිටින බවත් ඔහු කියා සිටී.
චෝදනා සම්බන්ධයෙන්, මුල්වරට, ඔහු අද අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).
මූලාශ්‍ර:
New York Mayor Eric Adams charged in Turkey bribery, fraud scheme






