මරණ දඬුවමට යටත්ව ලොව වැඩිම කලක් මරණ වරෙන්තුව යටතේ සිර දඬුවම් විඳි ජපන් ජාතිකයකු ඊයේ (26) එරට ෂිශුඔකා (Shizuoka) දිස්ත්‍රික් අධිකරණයකින්
නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
එලෙස නිදහස ලද්දේ, 88 හැවිරිදි අයිවෝ හකමදා (Iwao Hakamada) නම් ජපන් ජාතිකයෙකි.
ඔහු 1966 දී සිදු කරන ලදැයි පැවසෙන සිව් පුද්ගල මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව වසර 60 ක් පුරා සිරදඬුවම් විඳිමින් පසු වූයේය. එම සමස්ත කාලය පුරාවට ඔහුගේ පවුලේ සාමාජිකයෝ හකමදාගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් නීතිය ඉදිරියේ සටන් වැදුණහ.
88 හැවිරිදි අයිවෝ හකමදා (Iwao Hakamada) නම් ජපන් ජාතිකයෙකි.
හිටපු බොක්සිං ක්‍රීඩකයකු වූ ඔහු, සිය ප්‍රධානියා ඇතුළු පවුලේ සාමාජිකයින් තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කිරීම සහ අනතුරුව එම නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා මත අධිකරණයෙන් වරදකරු වී, මරණ වරෙන්තුවට යටත් කෙරිණි.
එහෙත්, දිගින් දිගටම, ඔහු වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිදු කරන ලද ඉල්ලීම් හමුවේ, ඔහුට විරුද්ධ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නැති බව අධිකරණය ඉදිරියේ සනාථ කිරීමට විත්තියේ නීතීඥයෝ සමත් වූහ.
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Japanese man acquitted of 1966 murders after 45 years on death row






