ලෙබනනයේ බීරුත් අගනුවර ආසන්නයේ කෝලා (Kola ) දිස්ත්‍රික්කයේ මහල් ගොඩනැගිල්ලක් වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනක් ඝාතනය වී ඇත.
ඒ බව එම සංවිධානය අද තහවුරු කළේය.
කලාපයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී සංවිධාන සොයා, ඊශ්‍රායලය මේ වන විට දරුණු ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හුති (Houthi) සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගත් එම ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග කලාපයේ පූර්ණ යුද තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී. යම් හෙයකින්, එම තත්ත්වය පාලනයෙන් ගිලිහී ගියහොත්, ඊට එක්සත් ජනපදය සහ ඉරානය ද සෘජුව ඈඳෙන ලකුණු දක්නට ඇතැයි රොයිටර්ස් (Reuters) පුවත් සඳහන් කරයි. මේ වන විට, පලස්තීනයේ නිදහස උදෙසා ජනප්‍රිය පෙරමුණ (PFLP) නම් සංවිධානයක් ද ඊශ්‍රායලයට එරෙහි සන්නද්ධ ගැටුම්වලට එක්ව සිටී.

යේමනයේ හුති සහ ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ඊශ්‍රායලය ඊයේ දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කළේය.
යේමනයේ හොදෙයිදා (Hodeidah) වරාය නගරය වෙත එල්ල වූ එම ප්‍රහාරවලින් සිව් දෙනකු මියගොස් 29 දෙනෙක් තුවාල ලදහ.
හුති මිසයිල ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර වශයෙන් එම ප්‍රහාර එල්ල කර තිබේ. ලෙබනනය වෙත එල්ල කළ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් 105 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ඉකුත් දෙසතිය තුළ සිදු කළ ඊශ්‍රායල මිසයිල සහ ගුවන් ප්‍රහාර වලින්, 1000 ක ට අධික ලෙබනන වැසියන් පිරිසක් මියගොස් තවත් 6000ක ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ලෙබනන බලධාරීහු පවසති. එරට සමස්ත ජනගහනයෙන් පහෙන් එකක්, එනම් මිලියන පමණ පිරිසක් ගැටුම් හේතුවෙන් නිවෙස් අතහැර පලා ගොස් ඇතැයිද ඔවුහු ප්‍රකාශ කරති.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israeli strikes kill Hamas leader in Lebanon and three Palestinian leaders in Beirut






