leader s

නේපාලයේ දරුණු ගංවතුර තත්ත්වයෙන් 151 දෙනකු මියගොස් 56 දෙනෙක් අතුරුදන්ව සිටිති. දෙදිනක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් එරට හදිසි ගංවතුර තර්ජනයකට ලක්විය.

සියලු පාසල් වෙත තෙදිනක විශේෂ නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කර ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල ගොඩනැගිලි රැසකට හානි සිදුවී තිබේ.

කත්මන්ඩු නිම්නයේ පමණක් පුද්ගල මරණ 37ක් වාර්තා වේ. ප්‍රවාහනය ඇතුළු සියලු දෛනික කටයුතු ඇණහිට තිබේ. නේපාලයේ ඇතැම් ප්‍රදේශ වෙත මිලි මීටර 322.2 ක වර්ෂාපතනයක් වාර්තා වේ. එරට ප්‍රධාන ගංගාව වන බග්මාති (Bagmati) නදියේ ජල මට්ටම අඩි 7 ක් ඉහළ ගොස් තිබේ. එය අවදානම් තත්වයක් බව බලධාරීහු පවසති.

කෙසේ වෙතත්, අයහපත් කාලගුණික තත්ත්වය කෙමෙන් පහව යන ලකුණු පෙන්නුම් කෙරේ.  

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Nepal closes schools as deaths from heavy rains hit 151


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්