leader s

හිස්බුල්ලා සාමාජිකයින් සොයා ලෙබනනයේ භූමිය මත "සීමාසහිත" හමුදා ක්‍රියාන්විත ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

මෙහෙයුම, ඊශ්‍රායලයේ ඉහළම දේශපාලන අධිකාරියේ අවසර මත ක්‍රියාත්මකයි. 

එම මෙහෙයුමට පෙර, ඊයේ (30) අළුයම පලස්තීන ෆාටා (Fatah) සංවිධානයේ ඉහළ පෙළ  කොමාන්ඩෝවරයකු ඉලක්ක කර ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.

මෞනිර් මඛ්දා (Mounir Maqdah) නම් ඔහු, එම සංවිධානයේ ලෙබනන ශාඛාවේ, සන්නද්ධ අංශය වන අල්-අඛ්සා මාර්ටියර්ස් (Al-Aqsa Martyrs) බලකායේ  අණ දෙන නිලධාරියකු ලෙස ක්‍රියා කරයි. ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත් වූ බවට සැක කෙරේ.

ලෙබනනයේ දකුණුදිග සයිඩොන් (Sidon) නගරබද  එයින් අල්-හිල්වේ (Ain al-Hilweh) සරණාගත කඳවුර ආසන්නයේ පිහිටි මහල් ගොඩනැගිල්ලකට එම ප්‍රහාරය එල්ල කර තිබේ. එම කඳවුර ලෙබනනයේ පිහිටි විශාලතම පලස්තීන සරණාගත කඳවුර ද වේ.

හිටපු පලස්තීන නායක යසර් අරෆත් (Yasser Arafat) විසින් 1965 දී පලස්තීන ජාතිකවාදී ව්‍යාපාරය වන ෆාටා සංවිධානය බිහි කෙරිණි. එරට ක්‍රියාත්මක හමාස් සංවිධානය එහි සාමාජිකයෙක් නොවේ.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Israel launches ground raids in south Lebanon, saying it is targeting Hezbollah


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්