ක්ෂේත්‍ර චාරිකාවක නියැලෙමින් සිටි තායිලන්ත පාසල් ළමුන් සහ ගුරුවරුන් පිරිසක් රැගත් බස් රථයක් ගිනිගැනීමෙන් 25 දෙනකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වෙති.
අනතුරින් තුවාල ලැබූ සිසුන් දහසය දෙනකු සහ ගුරුවරුන් තිදෙනකු රෝහල් ගත කර තිබේ.
එරට බැංකොක් අගනුවර ආසන්නයේ දී එම අනතුර සිදුව ඇත.
සිසුන් සහ ගුරු පිරිස රැගත් බස් රථය අගනුවරට කිලෝ මීටර 250ක් පමණ දුරින් පිහිටි උතායි තානි (Uthai Thani) පළාතේ පිහිටි පාසලකින් පිටත් වී තිබේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).
මූලාශ්‍ර:
School bus catches fire in Thailand, 25 feared dead






