leader s

ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික "ජාතික රැලිය" (RN) පක්ෂයේ ඉහළ පෙළ නායිකාවක වන මැරීන් ලේ පෙන් (Marine Le Pen) ට

එරෙහි අපරාධ චෝදනා විභාගය ඇරඹේ.

ඒ උදෙසා ඊයේ (30) ඇය එරට අපරාධ අධිකරණයක් ඉදිරියේ පෙනී සිටියාය.

යුරෝපීය සංගමය (EU) මගින් ලද අරමුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඇය ඇතුළු එම පක්ෂයට, එහි නිලධාරීන්, කාර්යමණ්ඩලය, නීතිවේදීන් සහ පාර්ලිමේන්තු සහායකයින් 24 දෙනකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

යුරෝපීය සංගමය විසින් පාර්ලිමේන්තු කටයුතු පිණිස ලබා දුන් අරමුදල්, එකල ජාතික පෙරමුණ (National Front) නමින් හැඳින්වූ එම පක්ෂයේ කාර්යමණ්ඩල වැටුප් ගෙවීම වෙනුවෙන් අවභාවිතා කිරීම ඊට අදාල චෝදනාවයි.

එම කාර්යමණ්ඩල සාමාජිකයින් පාර්ලිමේන්තු සේවකයින් බවත්, ඒ අනුව අදාළ වැටුප් ගෙවීම් නීති විරෝධී නොවන බවත්, එම සේවක රාජකාරි කටයුතු සම්බන්ධයෙන්  සවිස්තරාත්මක පැහැදිලි කිරීමෙන් තොරව චෝදනා වාචික ලඝු කොට දක්වා ඇති බවත් ඇය පවසයි.  

චෝදනා පිලිබඳ විමර්ශන මීට දස වසරකට පමණ පෙර ඇරඹිණි.

ඊයේ ඇරඹි නඩු විභාගයෙන් ඇය වැරදිකාරිය වුවහොත්, ඇයට ඊට දඬුවම් ඇතුළු තවත් වසර ගණනක පාර්ලිමේන්තු අවස්ථා සහ වරප්‍රසාද අහිමිවනු ඇත.

2017 සහ 2022 දෙවසරේදීම ඇය ප්‍රංශ ජනපතිවරණයෙන් එම්මානුවෙල් මැක්‍රන් (Emmanuel Macron) ට පරාජය විය. එළැඹෙන 2027 ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ඇය වත්මන, ඉදිරිපෙළ අපේක්ෂිකාවකි. සියලු චෝදනාවලින් නිදොස්ව, නිදහස් විය හැකි බවට පූර්ණ විශ්වාසය ඇතැයි ඇය පවසයි.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ   උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:
French far-right leader Le Pen stands trial over alleged misuse of EU funds

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්