අද දවස තුළ මෙතෙක්, කිසිදු ඊශ්‍රායල හමුදා භටයකු ලෙබනන දේශ සීමාවට ඇතුළු වී නැතැයි හිස්බුල්ලා මාධ්‍ය කාර්යාල ප්‍රධානී මොහම්මද් අෆිෆ්
(Mohammad Afif) විශේෂ නිවේදනයක් මගින් ප්‍රකාශ කළේය.
මීට පැය කිහිපයකට පෙර ඊශ්‍රායල, ටෙල් අවිව් අගනුවර වෙත එල්ල කළ ප්‍රහාරය "සුළු ඇරඹුමක්" පමණක් බව ද ඔහු අනතුරු ඇඟවීය.
සිය හමුදා සහ ඊශ්‍රායල හමුදා අතර භූමිය මත කිසිදු මුහුණට මුහුණ ගැටුමක් මෙතෙක් සිදු නොවූ බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය වෙත ලිඛිත සටහනක් යොමු කරමින් ඔහු පැවසීය.
ඕනෑම මොහොතක ඊට මුහුණදීමට සූදානමින් සිටින බව ද එහි සඳහන් කර තිබේ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Hezbollah media chief says no Israeli troops have entered Lebanon






