මැද පෙරදිග කලාපය ගිනිජාලාවක් නොකොට ගැටුම්වලින් වහා ඉවත්වන ලෙස ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf Scholz) ඉරානයට දැනුම් දුන්නේය. ඒ අනුව, ඊශ්‍රායලයට එරෙහි ඉරාන සහ හිස්බුල්ලා සන්නද්ධ ප්‍රහාර වහා නතර කරන ලෙස දන්වා තිබේ.
ජර්මනිය සහ මිත්‍ර සන්ධාන එක්ව, ඉක්මන් සටන් විරාමයකට සැලසුම් සකස් කරමින් සිටින බවද චාන්සලර්වරයා පවසයි.
කලාපය ගිනිබත් කිරීමට අර අඳිමින් සිටින ඉරානයේ සියලු යුද ප්‍රයත්න අත්‍යන්තයෙන් සහ සියලු ශක්තිය යොදා ව්‍යර්ථ කළ යුතු බව ඔහු ප්‍රකාශ කරයි.
මේ අතර, ඊශ්‍රායල අභ්‍යන්තරයේ රඳවා සිටින හමුදා ඛණ්ඩ වෙත ඛඩ්ස් (Quds 5) රොකට් ප්‍රහාර එල්ල කළ බව හුති (Houthis) කැරලිකරුවෝ අද ප්‍රකාශ කළහ. ඒ පිලිබඳ ඊශ්‍රායලය විසින් මෙතෙක්, කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).
මූලාශ්‍ර:Israel-Iran Live Updates: Netanyahu says Iran 'will pay' for missile attack






