අඩසිය වසකින් අඩකටත් වැඩි කාලයක් රුසියාවේ පරම නායකයාව සිටින ජනපති ව්ලැද්මීර් පුටින් (Vladimir Putin ) අද සිය 72වන ජන්ම දිනය සමරයි.
"ත්සාර් රජු දිනේවා" යි ඔහු විසින් ලද මුල්ම මහජන සුබපැතුම් පණිවුඩයේ සඳහන්ය.
ඇලෙක්සැන්ඩර් දුගින්
ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවත්ම, අන්ත-ජාතික මතවාදී ඇලෙක්සැන්ඩර් දුගින් (Alexander Dugin) සිය ටෙලෙග්‍රම් චැනලය ඔස්සේ, ජනපතිවරයාට එසේ සුබ පැතීය. හැටදෙහැවිරිදි වියේ පසුවන දුගින්, යුක්‍රේනය ඇතුළු රුසියානු බස කතා කරන සෙසු සියලු රටවල් ඇතුළත් සුවිසල් නව රුසියානු අධිරාජ්‍යයක් කෙරෙහි බලාත්මක රාජ්‍ය උපදේශනයේ නියැලෙයි. ඔහුගේ දියණිය, 2022 වසරේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය විය.

පුටින්, 2022 යුක්‍රේනය ආක්‍රමණයට රුසියානු හමුදාවන්ට අණ කළේය. අනතුරුව, ඉකුත් මාර්තු මස පැවති පශ්චාත්-සෝවියට් මැතිවරණයෙන්, අති බහුතරයක් ලබා, තවත් සය වසක ධුර කාලයක් වෙනුවෙන් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත් විය. එම සමස්ත කාලය ජනපති ධුරයේ රැඳී සිටීමට හැකි වුවහොත්, වසර 200ක ට අධික එරට තසාර් ඇතුළු අධිරාජ්‍ය පාලනය තුළ, වැඩිම කලක් අඛණ්ඩව ධුරයේ සිටි එකම රුසියානු නායකයා බවට පුටින් පත්වන්නේය.
පුටින්, සමස්ත බටහිර අධිරාජ්‍යයටම එරෙහිව යමින්, යුක්‍රේනය ආක්‍රමණය කළේය. බටහිර රටවල්, ඔහු ඒකාධිපතියකු සහ ඝාතකයකු ලෙස හඳුන්වයි.

"මිතුරනි, අද, අප ජාතික නායකයාගේ උපන්දිනයයි," යනුවෙන්, රුසියානු චෙචින් (Chechen) ජනරජයේ නායක රම්සාන් කද්‍ය්රොව් (Ramzan Kadyrov) මධ්‍යම රාත්‍රිය එළැඹෙත්ම, ටෙලිග්‍රම් පණිවුඩයක් ඔස්සේ ජනපති පුටින්ට උපන්දින සුබ පැතුම් එක් කළේය. තමා පුටින්ගේ "පා දෝවන්නකු" (foot soldier) බව කද්‍ය්රොව් පවසයි.
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි).
මූලාශ්‍ර:
'God save the Tsar!': Putin receives first wishes for 72nd birthday






