බොස්නියාවට ඇදහැලුණු වර්ෂාවත් සමග, එරට වසර ගණනකට පසු දරුණු ගංවතුර තත්ත්වයකට ලක් ව තිබේ.
නිරිතදිග සරයේවෝ (Sarajevo) හි ජැබ්ලනිකා (Jablanica) ප්‍රදේශයට කඩා වැදුණු හදිසි ජලගැල්මෙන් පුද්ගලයින් 15 දෙනකු ජීවිතක්ෂයට පත් විය.
අතුරුදන්වූවන් සොයා ඊයේ (06) ද මෙහෙයුම් සිදු කෙරිණි.
එරට, ටෘසිනා (Trusina) ප්‍රදේශයට ද ජල ගැල්මෙන් අධික හානි සිදු වී තිබේ. එහි නිවාස හා දේපල, මිදිවතු සහ උයන් බොහොමයක් මුළුමනින්ම විනාශ විය. ඒ හේතුවෙන්, අමතර ආදායම් සොයා කෘෂිකර්මාන්තයේ නියැළි විශ්‍රාමික පිරිස් රැසක් ඉමහත් අසීරුතාවට පත්ව සිටිති.
වසර ගණනක් තිස්සේ, ගංගාධාර සංවර්ධන කටයුතු ඇණහිට තිබීම, වන විනාශය, නිසි පාලනයෙන් තොර යටිතල පහසුකම් ඉදිකිරීම් සහ මහා පරිමාණ දැව කර්මාන්තය, කාලගුණ විපර්යාස කෙරෙහු සෘජුව බලපා ඇතැයි එරට කාලගුණ විශේෂඥයෝ පවසති.
මේ වන විට, යුරෝපයේ තවත් ප්‍රදේශ රැසක් ද මේ හේතුවෙන්, ජලගැලීම්, අධික තාපය සහ ලැව්ගිනි වලට ලක්ව ඇත.
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි).
මූලාශ්‍ර:
Bosnian villagers sift through ruined homes after devastating flash flood






