leader s

මාලදිවයින් ජනපති මොහොමෙද් මුයිසු (Mohamed Muizzu) සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් අද නවදිල්ලි හයිද්‍රාබාද් මැදුරේදී සිදු කෙරිණි.

අස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් වත්මන, උග්‍ර මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති මාලදිවයිනට, ඉන් ගොඩ ඒම පිණිස, නොමසුරු ආධාර ලබා දෙන බව මෝදි රජය විසින් පොරොන්දු දී  තිබේ. 

ඒ අනුව, ඇමෙරිකානු ඩොලර් මිලයන 400 ක සහ ඉන්දීය රුපියල් බිලියන 30 ක, හෙවත්, ඇමෙරිකානු ඩොලර් 357.35 ක මූල්‍ය හුවමාරුවකට ඉන්දීය අනුමැතිය  හිමිවේ.

මාලදිවයින, ඉස්ලාමීය ස්වෛරී ණය මත කඩාවැටෙන පළමු ආසියානු රාජ්‍යය  බවට  පත්වෙමින් තිබියදී, චීනය සහ ඉන්දියාව තවදුරටත් එරටට සහාය දීමට ඉදිරිපත්ව සිටිති. එය, භූ දේශපාලනික ප්‍රයෝගී මැදිහත්වීමක් වුවද, එමගින්, එරට කඩා වැටෙන ආර්ථිකයට යම් අල්ප මාත්‍ර සහනයක් උදා වී තිබේ.

චීනය, මාලදිවයින තුළ වෙළඳ  ආයෝජන අවස්ථා වැඩි කිරීමට ඉදිරිපත් වීමත් සමග, මාලදිවයින් රජයේ විශේෂ ඉල්ලීමකට අනුව, ඉන්දියාව පසුගිය මස එරට භාණ්ඩාගාර බිල්පත් වෙත, ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක හදිසි  මූල්‍ය ප්‍රතිපාදන අනුමත කළේය. ඉන්දියාව සහ මාලදිවයින අතර නිදහස් වෙළඳ ගිවිසුමක් පිලිබඳ සාකච්ඡා ආරම්භවීමට ද නියමිතය.

චීනය සහ ඉන්දියාව මාලදිවයිනේ ප්‍රධාන ණය හිමියන්ය. ලෝක බැංකු වාර්තාවන්ට අනුව, මාලදිවයින විසින් චීනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.37ක ට  සහ ඉන්දියාවට ඩොලර් මිලියන 124ක ට අධික ණය මුදලක් ගෙවා දැමීමට නියමිතව තිබේ. 

පසුගිය කොවිඩ් -19 ගෝලීය ව්‍යසනය හමුවේ එරට ප්‍රධාන ආදායම් මාවත වූ සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටිණි. අපේක්ෂිත ආදායම් මත, අත්රික්ත වියදම් දැරීම හේතුවෙන්, රාජ්‍ය ආර්ථිකය ද කඩා වැටුණේය. 

 

චීන හිතවාදී මුයිසු මාලදිවයින් ජනපති ධුරයටජනපති මුයිසු
ඉකුත්  අප්‍රේල් මස, එරට වත්මන් ජනපතිවරයා එම ධුරයට පත්වීමත් සමග, මාලදිවයින සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වීය සබඳතා අර්බුදයට ලක්විය. ඒ, ඔහුගේ ඉන්දීය විරෝධී ප්‍රතිපත්ති  නිසාවෙනි. මාලදිවයිනේ රඳවා සිටින ඉන්දීය ආරක්ෂකයින් 80 ක පමණ පිරිසක් වහා එරටට  ගෙන්වා ගන්නා ලෙස ඔහු ඉන්දීය රජයට බල කර සිටියේය. එහෙත්, වත්මන් රාජ්‍යතාන්ත්‍රික කතා බහ  හමුවේ එම තත්ත්වය මඳක් සමනය වී තිබේ. 

ඉන්දියාව එරට සමාජ-ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන හවුල් කරුවකු වන අතර, අතිශය දුෂ්කර අවස්ථාවන්හිදී, මාලදිවයින  වෙනුවෙන් පෙනී  සිටින කළණ මිතුරකු බව ජනපති මුයිසු දැන් පවසයි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර: 
Maldives's Muizzu, India's Modi promise to strengthen cooperation


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්