ලෙබනනයට පැමිණි ඉරාන කඩ්ස් මිසයිල බලකායේ ප්‍රධාන අණ දෙන නිලධාරී එස්මයිල් කානි අතුරුදන්ව නැතැයි එහි නියෝජ්‍ය අණ නිලධාරී ඉරාජ් මසජේදී (Iraj Masjedi) ඊයේ (07) නිවේදනය කළේය.
ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ඉකුත් සිකුරාදා සිට කානි ආගිය අතක් නැතැයි, ඉරාන බලධාරීන් විසින් මීට පෙර දන්වා තිබිණි.
ඔහු ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවේ විදෙස් බුද්ධි අංශ ප්‍රධානියා ද වේ. පෙර එම තනතුර හබවූ කසෙම් සොලෙයිමානි (Qassem Soleimani) 2020 දී ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින්, ඉරාකයේ බැග්ඩෑඩ් හිදී ඝාතනය වීමත් සමග ටෙහෙරානය, කානි, එම තනතුරට පත් කළේය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).
මූලාශ්‍ර:
Commander of Iran's Quds Force is 'in good health', force's deputy commander says






