leader s

ෆ්ලොරිඩා වැසියෝ ළඟ එන මිල්ටන් (Milton) සුළි කුණාටුවෙන් පලායමින් සිටිති. ඔවුන්ට ඉන් ගැලවීමට ලබා දී ඇති අවසන් දිනය අද ය.

කුණාටුව හෙට (10) ෆ්ලොරීඩා වෙරළ තීරයට පතිත වීමට නියමිතය. එය අතිශය විනාශකාරී '5 ශ්‍රේණියේ' සුළි කුණාටුවක් ලෙස නම් කර ඇත. 

වෙරළ තීරයේ සහ තදාසන්න ප්‍රදේශවල වෙසෙන මිලියනයක් පමණ ජනතාවට වහා නිවෙස් අතහැර යන ලෙස හෝ ආරක්ෂාකාරී පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ. 

 

florida3

ෆ්ලොරිඩාව හෙලන් (Helene) සුළි කුණාටුවෙන් හෙම්බත් වී සති දෙකක් ඉක්ම යන්නට ද මත්තෙන් නව කුණාටු තර්ජනයට මැදිව සිටී. ඉන්ධන හල්වල ඉන්ධන අවසන් වීම හේතුවෙන් ප්‍රධාන මාර්ග මත දැඩි තද බදයක් පවතින බව රොයිටර්ස් පුවත් සඳහන් කරයි.

milton7

 

එහි, මිලියන 3ක පමණ ජනගහනයක් වෙසෙන තම්පා බේ (Tampa Bay) නාගරික කලාපයද සුළි කුණාටු ප්‍රවිෂ්ටයේ පිහිටා තිබේ.

කුණාටුව, මෙක්සිකෝ තුඩුව හරහා බටහිර සිට නැගෙනහිර දිශාභිමුඛව ගමන් කරනු ඇත. එහෙත්, අද රාත්‍රී හෝ හෙට අළුයම කුණාටුව පතිත වීමට පෙර, සුළං දිශාව සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි බවට කාලගුණ අනාවැකි පල කර තිබේ. කුණාටුවේ බලපෑමෙන් මුහුදු රළ මීටර 3 ක් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය අතිශය විනාශකාරී හදිසි කාලගුණ තත්ත්වයක් බව විද්‍යාඥයෝ පවසති.

 

කුණාටු සහිත තද  සුළං, පැයට සැතපුම් 160 ක පමණ වේගයෙන් ප්‍රදේශය හරහා හමා යනු ඇත. ෆ්ලොරිඩා වෙරළ තීරය කෙදිනකටත් වඩා අවදානමට ලක්ව ඇතැයි වාර්තාවේ. ඇමෙරිකානු දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.8% ක කොටසක් එරට ආර්ථිකයට එක්වන්නේ, මිල්ටන් සුළි කුණාටුවට මැදිව පවතින කලාපයෙනි.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Floridians flee looming catastrophe as Hurricane Milton approaches


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්